ජනාධිපති මන්දිරයේ චිත්‍ර 39ක් අරගලය අස්සේ අස්ථාන ගත වෙලා , මෙන්න ඒවා

art

ජනාධිපති මන්දිරයේ දැවමය සහ කැන්වස් චිත්‍ර 39ක් අරගලකරුවන් පැමිණීමෙන් අනතුරුව අස්ථානගත වී ඇති බව වාර්තා වනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ අලුත්ම සියා බැලීමකදී මේ තොරතුරු අනාවරණයව තිබෙනවා.

දැවමය සිතුවම් 31ක්, වෙනත් චිත්‍ර සහ සිතුවම් 8ක් මෙලෙස අස්ථානගත වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජනාධිපති මන්දිරයේ සිතුවම් සහ 209ක් සංරක්ෂණ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.

දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එම මන්දිරයට ගොස් සංරක්ෂණයට අදාළ මුලික කටයුතුවල මේ දිනවල නිරතව සිටින බවයි වාර්තා වන්නේ.

සිතුවම්වල හායන තත්වයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව සංරක්ෂණය සම්බන්ධයෙන් මූලික රෙකමදාරු වාර්තාවක් පිළියෙල කිරීමට කටයුතු කරගෙන යන බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා (රසායන සංරක්ෂණ) ගීතානී කුරුප්පුආරච්චි මහත්මිය කියා සිටියේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ මිට අදාළ වාර්තාව ජනවාරි මාසයේ දී භාර දීමට බලාපොරොත්තු වන බවයි.

Lumbiniya sri lankan art
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top