හුනෙක් මුළු පවුලක්ම අවසන් ගමන් යවයි

Huna 696x392 2

හූනෙකු හේතුවෙන් නයිජීරියාවේ ඔගුන් ප්‍රාන්තයේ හය දෙනෙක් යුත් පවුලක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජෝන් සැමුවෙල් නම් පුද්ගලයෙකු, ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ තවත් ඥාතීන් දෙදෙනෙක් මෙලෙස මියගොස් ඇති බවයි.

ඔවුන් ජීවත් වූ නිවසින් කිසිඳු ශබ්දයක් නොඇසීම හේතුවෙන් අසල්වාසීන් දොර කඩා නිවසට ඇතුළු වූ අවස්ථාවේ පවුලේ සියලු දෙනා මියගොස් ඇති බව දැක තිබෙනවා.

නයිජිරියානු පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත්තේ රාත්‍රී ආහාර ගැනීමෙන් පසු මෙලෙස මියගොස් ඇති බවයි.

මෙම මරණවලට හේතුව ආහාර විෂවීමක් බව මේ වන විට පොලිස් විමර්ශනවලදී හෙළි කරගෙන තිබෙනවා.

නයිජීරියානු මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අසල්වැසියන් නිවස පරික්ෂා කරන අවස්ථාවේ සැමුවෙල් ඇතුළු පිරිස රාත්‍රී ආහාරයට ගත් සුප් භාජනයේ සිට මැරුණු හුනෙකු හොයාගෙන ඇති බවයි.

මේ හේතුවෙන් ආහාර විස වීමෙන් මෙම මරණ සිදුව ඇති බවට සැකපළ කරනවා.

image 52
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top