ලොව විශාලම රයිනෝසරස් සතුන් 2000ක ගොවිපොළ වෙන්දේසියට…

rainosiras vikinimata

දකුණු අප්‍රිකාවේ පිහිටි ලොව විශාලතම රයිනෝසරස්  සත්ව ගොවිපොළ වෙන්දේසි කිරීමට එහි අයිතිකරු තීරණය කර ඇත. මෙම ගොවිපොළේ රයිනෝසරස් සතුන් 2000ක් ජීවත් වන අතර අක්කර 20000ක් පුරා පැතිර තිබේ.

වසර 30 පුරා මෙම රයිනෝසරස් සතුන් 2000 රැක බලාගැනීම සඳහා තම ධනය සියල්ල වියදම් කළ බවත් දැන් තමාට අයිතිව තිබෙන්නේ රයිනෝසරස් සතුන් 2000 සහ ගොවිපොළ පිහිටි අක්කර 20000 ක භූමි ප්‍රමාණය පමණක් බවත් අයිතිකරු 81 හැවිරිදි ජෝන් හියුම් මහතා ප්‍රකාශ කර ඇත. 

තවත් මෙම සතුන් වෙනුවෙන් මුදල් වියදම් කිරීමට නොහැකි වීම හේතුවෙන් වෙන්දේසියකදී ඉහළම ඉල්ලුම්කරුට තම  රයිනෝසරස්  සත්ව ගොවිපොළ ලබා දීමට තීරණය කළ බව ජෝන් හියුම් මහතා ප්‍රකාශ කර තිබේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top