උපන්දිනය දා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන් නව්‍යා…

awasanawantha maranayak

පෙම්වතියගේ උපන්දින කෙක් ගෙඩිය කැපූ පිහියෙන්ම පෙම්වතා විසින් ඇගේ ගෙල කපා ඝාතනය කළ සංවේදී පුවතක් ඉන්දියාවේ බැංගලෝරයෙන් වාර්තා වේ.

21 දින එම ඝාතනය සිදුවී ඇති අතර පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ සිය පෙම්වතියට වෙනත් සම්බන්ධතාවයක් තිබෙන බවට මතු වූ සැකය මත ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව පෙම්වතා විසින් මෙලෙස ඇගේ ගෙල කපා ඝාතනය කර ඇති බවය.

වසර 6ක පුරා මොවුන් දෙදෙනා පෙම්වතුන් ලෙස සිට ඇති බවත් මොවුන්ගේ පවුල් අතර ඥාතිත්වයක් පවතින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඝාතනය සිදුකළ ප්‍රශාන්ත් පෞද්ගලික ආයතනයක සේවය කරන අතර ඔහුගේ පෙම්වතිය වන නව්‍යා පොලිස් සහායිකාවක් ලෙස සේවය කර ඇත.

සිය පෙම්වතියට වෙනත් සබඳතාවයක් තිබෙන බවට ඇති වූ සැකයත් සමග දෙදෙනා අතර නිරන්තර ආරවුල් ඇති වී ඇති බවද හෙළි වී ඇත.

කෙසේ වෙතත් පසුගිය 21 වනදා නව්‍යාගේ උපන්දිනය යෙදී තිබීම හේතුවෙන් මොවුන් දෙදෙනා එකතු වී එය සමරා තිබේ.

එම අවස්ථාවේ දී ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව ප්‍රශාන්ත් විසින් නව්‍යා ට කෙක් කැපූ පිහියෙන් අමානුෂික ලෙස පහර දී ඇති බව වාර්තා වේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top