යූටියුබ් ඔස්සේ කළ විවේචන ඉවසනු බැරිව පියා ‘යූටියුබ් තාරුකා‘ දියණිය මරලා (Photos/Videos)

youtuber murder

22 හැවිරිදි යූටියුබ් තාරකාවකගේ ශෝචනීය ඝාතනය නිසා ඉරාකයේ නොසන්සුන්තාවයන් පැනනැගී තිබේ. Tiba Al-Ali නමැති මෙම තරුණිය එරට ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් පවත්වාගෙනගිය කෙනෙකි.ඇය ඇගේ පෙම්වතාද සමග එක්ව මෙම නාලිකාව ඇගේ දෛනික ජීවිතයේ  විස්තර ගෙන එන‘ව්ලොග්‘ එකක් ලෙස කරගෙන ගිය අතර පසුගිය කාලයේ ඇය ඇගේ පියා හා අමනාපවී සිටි බව කියැවේ. මේ හේතුවෙන් ඇය ඉරාකයෙන් තුර්කියට පිටව ගොස් නාලිකාවේ වැඩකටයුතු සිදු කරමින් ගිය බවද වාර්තා වී තිබේ.
මෙම නාලිකාව ඔස්සේ ඇය ඇගේ පුද්ගලික ජීවිතයේ ප්‍රශ්න කතා කරද්දී සිය රසිකයින්ට තමන් හා පියා අතර ප්‍රශ්නද හෙළි කර තිබෙන අතර පියා සමඟ කළ සංවාදවල වාර්තාද ප්‍රසිද්ධ කරමින් පියාට නින්දා සහගත වන කරුණු ඉදිරිපත් කර තිබේ.

මේ වීඩියෝ යූටියුබ් තුළ වේගයෙන් පැතිර ගිය අතර ඇගේ පියාටද එහි කරුණු සැලවී කෝපය මතු කර තිබේ. විශේෂයෙන්ම අනෙක් අය පියා හෙලාදකිමින් දක්වන ලද ප්‍රතිචාර මෙන්ම විවිධ අය පියාට දුරකථන ඔස්සේ කළ බැණවැදීම් නිසා පියා අධික කෝපයෙන් සිටි බව කියැව‍ෙයි.
මෙම වීඩියෝ ප්‍රචාරයෙන්පසු නැවත නිවසට ආ දියණිය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වූ අතර පසුගිය 31 වනදා පියා සමග ඇතිවූ ආරවුල අතරතුරදී පියා ඇගේ ගෙළ සිරකර මරණයට පත් කර ඇතැයි වාර්තාවේ.
යූටියුබ් තාරුකාව අකාලයේ ජීවිතයෙන් වන්දි ගෙවීම ඉරාක සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කළේය. පියා විසින් ගෙල සිර කර දියණිය මරා දින කිහිපයකට පසු ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතියක් ඉල්ලා ඉරාක ක්‍රියාකාරීහු විරෝධතා දැක්වූහ.
22 හැවිරිදි Tiba Al-Ali දකුණු පළාතේ දීවානියාහිදී ඇගේ පියා විසින් ඝාතනය කිරීම මෙම විරෝධතාවන්ට ආසන්නම හේතුව විය.
 “කාන්තාවන් මැරීම නවත්වන්න”  “ටිබාගේ මිනීමරුවාට සමාව දිය නොහැකියි” වැනි පුවරු අල්ලා විරෝධතා පැවැත්විණි.
මේ වනවිට පියා පොලිසියට භාර වී තම දියණිය ඝාතනය කළ බවට පාපොච්චාරණය කර ඇත.

3663211 628962911 down

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top