දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට

darshana handungoda

සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන දර්ශන හඳුන්ගොඩ ඊයේ (05) රාත්‍රියේ අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ වීඩියෝ දර්ශන අප වෙත ලැබී තිබේ.

ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් දර්ශන හඳුන්ගොඩ පවසා සිටියේ, “මොනවා වෙයිද දන්නේ නෑ…බලමු” යනුවෙනි.

පොලිස් ආරංචිමාර්ග පවසන්නේ, පසුගිය 2022 මැයි මස 09 වෙනිදා අරගලකරුවන්ට අරලියගහ මන්දිරය තුළට කඩා වැදීම සඳහා ඔහු විසින් අනුබල දී ඇතැයි සැකය මත සිදුකෙරෙන විමර්ශ වලට සහය නොදී ‘රටින් පියවීම සම්බන්ධයෙන්’ ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි. මිට පෙර අවස්ථා කිහිපයක දී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව 4 වන තට්ටුවට කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබුණා.

මිට සති කිහිපයකට පෙරදී ඔහුට යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එන්නැයි දැනුම්දුන් අවස්ථාවේ දී ඔහු විදේශගතව සිටින බවට වාර්තාවීමත් සමඟ පොලිසිය විසින් ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

තම අදදින යළි දිවයිනට එන බවත්, අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන බවත් දර්ශන හඳුන්ගොඩ විසින් මීට දින කිහිපයකට පෙර පොලිසිය දැනුවත් කර තිබූ බව මාධ්‍ය පවසනවා. අත්අඩංගුවට ගත් දර්ශන හඳුන්ගොඩ ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව උසාවිය වෙත ඉදිරිපත් කරන බව පොලිසිය කියනවා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top