“මට දැන් තාත්තා කෙනෙක් වෙන්න ආසයි” – 57 හෑවිරිදි සල්මාන් කාන් ආවේගය පිට කරයි…

salaman khan talk

බොලිවූඩ් වල ඉන්න සුපිරි තරුවක් වගේම කැපිපෙනෙන චරිතයක් තමයි සල්මන් ඛාන් කියන්නේ .ඉතින් මෙයා රංගනයෙන් දායක වෙලා තිරගත වුණු අලුත්ම චිත්‍රපටය තමයි “කිසී කා බායි කිසී කි ජාන්” (kisi kaa bhaai kisi ki jaan) කියන්නේ.

සල්මාන් ඛාන් සහ පූජා හෙද්ගේ ඇතුළු නළු නිලියන් රැසක් රඟපාපු මෙම ෆිල්ම් එක ගැන හුගාක් බලාපොරොත්තු තිබ්බත් ඒවා ඔක්කොම සුනු විසුනු කරලා මේ ෆිල්ම් එක මහත් පරාජයකට මුහුණ දුන්නා .

ඉතින් ලඟදි සල්මාන් ඛාන් මාධ්‍ය හමුවකට සහභාගී වෙලා තිබ්බා. ඒ සාකච්චාවේදී සල්මන් තමන්ගේ ආදර පරාජයන් ගැනත් ඒවගේම තමන්ට මේ දවස් වල ඇති වෙලා තියෙන ආසාව ගැනත් කතා කරලා තිබුණා.

“මගේ හිටපු පෙම්වතියන් හැමෝම හොඳ අය,මගේ පලපු ආදරවන්තිය මාව දාල යද්දී මට හුගාක් කේන්ති ගියා මං හිතුවා එයා ළඟ තමයි වැරැද්ද තියෙන්නේ කියලා ඒ වුනත් එයාගෙන් පස්සේ ආපු අනිත් පෙම්වතියන් හැමෝම මාව දාල යද්දී තමා මට තේරුනේ වැරැද්ද තියෙන්නේ මං ළඟ මිසක් ඒගොල්ලන් ළඟ නෙවෙයි කියලා”

ඒ වගේම තමයි සල්මන් තමන්ට දැන් ඇති වෙලා තියෙන ආසාව ගැනත් මෙහෙම කිව්වා ,

“මට දැන් තාත්තා කෙනෙක් වෙන්න ආසයි ,ඒ වුනත් කසාද බඳින්නේ නැතුව ළමයෙක් හදාගන්න (adopt) අපේ ඉන්දියානු රජය අවසර දෙන්නේ නැහැනේ ” කියලත් සල්මන් ඒ මාධ්‍ය හමුවේ කියලා තිබුණා.  

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top