ඉදිරියේ දී ශ්‍රී ලංකාවේත් වැඩි ප්‍රබලත්වයෙන් යුත් භූකම්පන ඇති වීමේ අවධානමක්. මෙන්න ස්තාන

rdy

බුත්තල ප්‍රදේශයට ඊයේ (10) දැනුන භූමිකම්පාව ඉන්දු – ඕස්ට්‍රේලියානු තලයේ බිඳී යාමක් හේතුවෙන් ඇතිවීමෙන් සිදුවීමක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ ඉන්දු – ඕස්ට්‍රේලියානු තලයේ හරි මැදින් සිදුවන මෙම බිඳී යාම දැනට වසර 15ක සිට වසර 20 පමණ කාලයක සිට තරමක් වේගයෙන් සිදුවන බවයි.

එම බිඳී යාම සිදුවන ස්ථානයට ළඟම තිබෙන රට ශ්‍රී ලංකාව බැවින් මෙවැනි සුළු භූ කම්පන නිරන්තරයෙන් මෙරටට දැනෙනු ඇති බවයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රකාශ කරන්නේ.

මහජනතාව මෙම සුළු භූ කම්පනය සම්බන්ධව බිය නොවිය යුතු බවද ඔහු සඳහන් කරනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්යා කියා සිටින්නේ ශ්‍රී ලංකාවට සැතපුම් 1000ක පමණ දුරකින් සිදුවන මෙම තල බිඳීයාම හේතුවෙන් රිච්ටර් මාපකයේ මීට වැඩි භූ කම්පන ඉදිරියේදී වාර්තා විය හැකි බවයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top