තුන්වන ලෝක යුද්ධයද මේ ආරම්බය? බැලූනයේ අර්බුදය දිග්ගැස්සෙයි – ප්‍රතිචාර සඳහා සූදානම් වන්නැයි චීනයෙන් අමෙරිකාවට අනතුරු ඇගවීම්

baloon

සිය රටට අයත් බැලූනයක් අමෙරිකාව මිසයිලයකින් විනාශ කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරනවා. චීනය පවසන්නේ අමෙරිකාව ඒ සදහා හමුදාව යොදා ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

අමෙරිකාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිචාර දක්වන බව ද චින විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ සිවිල් ගුවන් යානයක් බඳු එම බැලූනය බිම හෙළීම ප්‍රමාණය ඉක්මවා කටයුතු කිරීමක් බවයි. එය ජාත්‍යන්තර හාවිතය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවද චීනය පවසනවා.

මේ අතර අමෙරිකාව මේවනවිට කඩා වැටුනු චීන බැලූනයේ කොටස් එකතු කරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
චීනය විසින් ඔත්තු බැලීමට යොදා ගත්තේයැයි චෝදනා එල්ල වූ බැලූනය අමෙරිකානු හමුදාව විසින් බිම හෙලනු ලැබුවේ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ නියෝගයකට අනුවයි.

අත්ලාන්තික් සාගරයට ඉහළ අහසේදී මිසයිල ප්‍රහාරයක් එල්ල කරමින් අමෙරිකාව විසින් එම සැකකටයුතු චීන බැලූනය බිම හෙළා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. F – 22 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක ආධාරයෙන් එම මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top