ලූලා ද සිල්වා බ්‍රසීලය යළි භාරගනී…

lula da silva


බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස ලූලා ද සිල්වා තුන්වන වරටත් දිවුරුම්දී තිබෙනවා. දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ බ්‍රසීල නව ජනාධිපතිවරයා දිවුරුම්දීමේ උත්සවය පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලූලා ද සිල්වා නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ප්‍රකාශ කළේ ජනතාව සමඟ එක්ව රට නැවත ගොඩනගන බවයි. 

ඉකුත්දා පැවති බ්‍රසීල ජනාධිපතිවරණයෙන් සියයට 50 යි දශම 9 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ලූලා ද සිල්වා තුන්වන වරටත් එරට ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණා. ඒ, හිටපු ජනාධිපති පේර් බොල්සොනාරෝ පරාජයට පත් කරමින්.

ලූලා ද සිල්වා 2003 – 2010 කාලය තුලදී දෙවරක් බ්‍රසීල ජනාධිපතිධූරය දරා තිබෙනවා. දූෂණ සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ලූලා ද සිල්වාට බ්‍රසීල අධිකරණයක් මඟින් මීට වසර කිහිපයකට පෙර සිර දඬුවමක්ද නියම කර තිබුණා.

ඔහු පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවති බ්‍රසීල ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ වසර දෙකකට ආසන්න කාලයක් සිර දඬුවම් විදීමෙන් පසුවයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top