පුංචි මල් කැකුළක් මුහුණදුන් අවාසනාවන්ත සිදුවීමක්

poor kid dead

වැලිමඩ, සිල්මියාපුර ප්‍රදේශයේදී අනාරක්ෂිත වගා ළිඳකට වැටී වයස අවුරුදු තුන හමාරක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (01) පස්වරුවේ දැරිය‌ගේ නිවස ආසන්නයේ දී මෙම අනතුර මුහුණ දී ඇත.

එසේ මියගොස් ඇත්තේ, එන්. එස්. හමිදා නැමති දැරියකි.

දැරිය නිවසේ සෙල්ලම් කරමින් සිට ඇති අතර ඇය නිවස ආශ්‍රිතව නොසිටි හේතුවෙන් දැරිය පිළිබඳ සොයා බැලීමේදී ඒ ආසන්නයේ වූ වගා ළිඳට වැටී සිටිනු දැක ඇත.

ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව දැරිය ගොඩ ගනු ලැබුවද දැරිය ඒ වන විටත් මියගොස් ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කැප්පෙටිපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top