ජාත්‍යන්තර මුදල් ඒකක 06 ක් හමුවේ රුපියල සියයට 40 කින් බාල්දු වෙයි

rupiyala awapramanaya

නිදහස සම්බන්ධයෙන් කථාකරන අද මෙරට ආර්ථික නිදහස සම්බන්ධයෙන් ද බොහෝ දෙනෙකු වැඩි වශයෙන් කථාකරන වටපිටාවක් මේවනවිට නිර්මාණය වී තිබෙනවා. ඒ, අන් කවරදාකටත් වඩා ජනතාව මේවනවිට රටේ ආර්ථිකය හේතුවෙන් බැට කන තත්ත්වයකට පත්ව තිබීමයි. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ශ්‍රී ලංකා රුපියල ද සෙසු ජාත්‍යන්තර මුදල් ඒකකවලට සාපේක්ෂව ඉහළ අගයතින් කඩා වැටී තිබෙනවා. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 2022 වසරේදී සියයට 44 යි දශම 8 කින් කඩා වැටී තිබීම කැපී පෙනෙන තත්ත්වයක්.

යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය කඩා වැටී ඇත්තේ සියයට 41 යි දශම 4 කින්. බ්‍රිතාන්‍යයේ ස්ටර්ලින් පවුමට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 38 යි දශම 1 කින් කඩා වැටී තිබෙනවා. ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 40 යි දශම 8 කින් කඩා වැටී තිබීම තවත් කැපී පෙනෙන තත්ත්වයක්.

ඉන්දියානු රුපියලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල කඩා වැටී ඇත්තේ සියයට 38 යි දශම 6 කින්. ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 36 යි දශම 4 කින් කඩා වැටී තිබෙනවා. 

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top