අද උදෑසන ධාවනයට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 6ක් අවලංගුයි | දුම්රිය ගමන් වාර කිහිපයක් අදත් (02) නවතී…

train cancel

සේවක හිඟය හේතුවෙන් අද (02) දිනයේත් දුම්රිය ගමන්වාර 60කට වැඩි සංඛ්‍යාවක් අවලංගු විය හැකි බවට තොරතුරු වාර්තා වේ.

අද(02) උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 6ක් අවලංගු කර තිබේ. 

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 2ක් ඊට අයත් වන බවයි.

ඊට අමතරව මුහුදුබඩ, පුත්තලම් සහ ප්‍රධාන මාර්ගවල දුම්රිය බැගින් අවලංගු කර තිබේ. 

මේ අතර, දුම්රිය රැසක් අදත් අවලංගු විය හැකි බව, දුම්රිය වෘත්තීය සමිති පවසයි. 

එකවර සේවකයින් විශාල ප්‍රමාණයක් විශ්‍රාම යෑම, ඊට හේතුවයි.

500කට ආසන්න සේවකයින් පිරිසක් විශ්‍රාම ගැන්වීමත් සමග ඇතිවූ සේවක පුරප්පාඩුව හේතුවෙයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනවිරත්න මහතා පැවසුවේ, විශ්‍රාම ගිය සේවකයින්ට යළි කොන්ත්‍රාත් පදනම මත සේවයට වාර්තා කරන්නැයි දන්වා ඇති බවයි.

දුම්රිය සේවකයන් 500කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය දෙසැම්බර් 31 දින විශ්‍රාම ගැන්වීමෙන් ඇති වූ සේවක හිඟයෙන් පසුගිය දින දෙක තුළ මෙම තත්ත්වය උද්ගත වී තිබුණි.

ඒ අනුව අද දිනයේ ද යම් සැළකිය යුතු දුම්රිය ගමන්වාර සංඛ්‍යාවක් අවලංගු විය හැකි බව සඳහන්ය.

දුම්රිය සේවක හිඟය හේතුවෙන් පසුගිය දින දෙක තුළ පමණක් දුම්රිය ගමන් වාර 96ක් අවලංගු කර තිබේ.

ඊයේ (01) දිනයේ මගී දුම්රිය 24ක් සහ භාණ්ඩ දුම්රිය 12ක් ඇතුළුව ගමන් වාර 36ක් ද, දෙසැම්බර් මස 31 වන දින මගී දුම්රිය 48 සහ භාණ්ඩ දුම්රිය 11ක් ඇතුළු ගමන් වාර 59ක් ද අවලංගු වී ඇති බව වාර්තා වේ.

අද දිනයේ ද එම තත්ත්වයේ බලපෑම පවතින අතර දුම්රිය සැලකිය යුතු ප්‍රමාණයක් අවලංගු විය හැකි බව කළ විමසීමක දී නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනවිරත්න මහතා පැවසුවේය.

කෙසේවෙතත් මගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීම අවශ්‍ය පියවර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද ගාමිණි සෙනවිරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top