බිත්තර ආනයනය නවතියි

biththara

කුරුළු උණ පැවතීම හේතුවෙන් ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් බිත්තර ආනයනය කිරීමට නිර්දේශ ලබාදිය නොහැකි බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි.

ඒ අනුව බිත්තර ආනයනය කිරීමට රජය ටෙන්ඩර් කැඳවා ඇති පසුබිමක සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ඉයේ (11) මාධ්‍ය හමුවක් පවත්වමින් ඉයේ අවධාරණය කළේ බිත්තර, කුකුළු පැටව්, කුකුළු මස් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරිමට අවසර ලබාදෙන්නේ මාස 6 කට පෙර අදාළ රටේ කුරුළු උණ නොමැති බවට තහවුරු වුවහොත් පමණක් බවය.

මේ අතර ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය සහ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඉයේ (11) මාධ්‍ය හමු පවත්වමින් බිත්තර ආනයනය නොකරන ලෙස ඉල්ලීම් කළේය.

කෙසේවෙතත් බිත්තරයක මිල රුපියල් 55ත් 60 ත් අතර පවතින පසුබිමක ජනතාව පවසන්නේ බිත්තර මාෆියාව, බිත්තර ආනයනය කිරීම අඩාල කිරීමට මුදල් වියදම් කරමින් සිටින බවය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top