ඉන්දීය තෙලිගු ගීතයක් ලෝක ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන රාත්‍රිය උඩු යටිකුරු කරයි

naatu naatu

ලෝක සිනමාවේ ඉහළම පෙළේ සම්මාන උළෙලක් ලෙස සැලකෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේ ප්‍රධානම සම්මානයක් දිනා ගැනීමට ඉන්දියානු තෙලිගු චිත්‍රපටයක් වන ආර් ආර් ආර් චිත්‍රපටය සමත් වී තිබෙනවා.

ඒ, ලොව හොඳම ස්වතන්ත්‍ර චිත්‍රපට ගීතයට හිමි සම්මානය දිනා ගනිමින්. මෙම සම්මානය හිමි වූයේ ආර් ආර් ආර් චිත්‍රපටයේ නාටු නාටු නමින් අතිශය ජනප්‍රිය වූ මෙම ගීතයයි.  

මෙහි විශේෂත්වය වන්නේ මෙම සම්මානය සඳහා නිර්දේශ වී සිටි ලොව ප්‍රකට සංගීත ශිල්පීන් වන රිහානා, ලේඩිගාගා සහ ටේලර් ස්විෆ්ට් පවා අභිබවා යමින් තෙලිගු සිනමා අධ්‍යක්ෂ එම් එම් කීරවනීට මෙම සම්මානය හිමි වීමයි.

එය සැලකෙන්නේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළලේදී ඉන්දියානු චිත්‍රපට ගීතයක් වෙනුවෙන් හිමි වූ පළමු සම්මානය ලෙසයි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ආර් ආර් ආර් චිත්‍රපටයේ නාටු නාටු නම් වූ මෙම ගීතය රූපගත කර ඇත්තේ මේ වන විට දැඩි කතාබහක් මතු කර ඇති යුක්‍රේන ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිටයි. ඒ, 2021 වසරේදීයි. 

rrr golden globesrrr sixteen nine 1
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top