කුරුණෑගල ව්‍යාජ දළදා මාළිගාව ගැන ජනපතිට පැමිණිල්ලක්

viyaja dalada maligawak


ව්‍යාජ දළදා මාළිගාවක් නිර්මාණය කොට ගොඩ නැගීම සහ ශ්‍රී දළදා මාළිගාවට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් සහ දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා විසින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

කුරුණෑගල, වදාකඩ පාර, පොතුහැර යන ප්‍රදේශයේ ජානක සේනාධිපති යන අයෙකු විසින් ” ව්‍යාජ දළදා මාළිගාවක්” නිර්මාණය කොට ඉදිකරමින් පවතින බවයි මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් විසින් පැමිණිලි කොට ඇත්තේ.

එමෙන්ම මෙම ස්ථානයට දැනටමත් දේශීය සහ විදේශීයව ගිහි පැවිදි බොහෝ දෙනා මිථයාවට රැවටී මිල මුදල් මෙන්ම රත්ත්‍රන් ආදිය පරිත්‍යාග කොට ඇති බවයි ජනපතිවරයාට ගොනු කර ඇති පැමිණිල්ලේ දැක්වෙන්නේ.

CF37C26C 233B 44FE B817 0C801631D14F
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top