ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන CIDය විමර්ශන අරඹයි

ranil try assasin

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා.

මෙරට දේශපාලන පක්ෂයකට සම්බන්ධ පිරිසක් විදෙස් රටකදී මීට දින කිහිපයකට පෙර එම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වී ඇත්තේ.

සති දෙකක් ඇතුළත ජනාධිපතිවරයා ඝාතනය කිරීමට එම පිරිස කුමන්ත්‍රණය කර ඇති බවටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩිදුරටත් තොරතුරු වාර්තා වී ඇත්තේ.  

ඒ අනුව, මෙම සිද්ධියට සම්බන්ධ දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top