වටිනා බුදුපිළිම රැගෙන යද්දි පොලීසියට කොටුවෙයි

budupilima horu

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් බුදුපිළිම 03ක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මකුළුවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, දඹුල්ල විශේෂ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත මකුළුවැව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී බුදුපිළිම ප්‍රවාහනය කරමින් සිටි එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

සැකකරුවන් 21 හැවිරිදි සහ 50 හැවිරිදි දේවහුය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් ය.

ඔවුන් දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දඹුල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top