ලොව වයස්ගතම කාන්තාව ජොහානා 128 දී මියයයි | ඈය 1914 දී පළමු ලෝක යුද්ධය ද, 1939 දී දෙවන ලෝක යුද්ධය ද දුටුවාය…

world oldest women dead

ලොව වයස්ගතම කාන්තාව අභාවප්‍රාප්ත වී තිබෙන බව දකුණු අප්‍රිකාවේ පුවත් වාර්තා තර තිබේ. දකුණු අප්‍රිකාවේ ජීවත් වූ ජොහානා මජිබුකෝ නමැති ඇයගේ වයස මියයනවිට අවුරුදු 128 කි. ඇය 1894 දී උපත ලබා ඇති බවට සනාථ කරන ලියකියවිලි තිබේ.
ජොහානාගේ ඥාතීන්ට අනුව ඇය මාර්තු 3 වැනිදා මිය ගියාය.

2022 දී News 24 සමඟ සංවාදයකදී ඇය පවසා ඇත්තේ – ඇයි මම තවමත් ජීවතුන් අතර? මගේ යාළුවෝ මැරිලා. මම කවදා මැරෙයිද? තවමත් ජීවතුන් අතර සිටීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මට එක තැනක ඉඳගෙන මහන්සියි.

කෙසේ වෙතත් වයස 128 දක්වාම ඇයගේ වයස ගීනස් පොතට ඇතුළත් කිරීමට කිසිවෙකු උනන්දුවී තිබුනේ නැත.
ජොහානාගේ සමීපතම මිතුරන් පවසන්නේ ජොහානාගේ හැඳුනුම්පත ඔවුන් සතුව ඇති බවත්, ඒ මත ජොහානාගේ නම ගිනස් වාර්තා පොතේ ලියාපදිංචි කළ යුතු බවත්, එවිට ඇයට ගෞරවයක් ලැබිය හැකි බවත්ය.

අවසන් කාලයේ ඇඟ හිරිවැටෙන්න පටන් ගෙන ඇවිදින්න අමාරු ලක්ෂණ ඇය පහළ කර තිබුණි. මීට වසර 22 ක පමණ සිට ඇයට වයස 106 පමණ සිට (2001) ඇයට ජීවත්වීමට රැකබලාගන්නෙකුගේ සහය අවශය විය.
 ජොහානාට සහෝදර සහෝදරියන් 12 දෙනෙක් සිටින බව කියැවේ. මෙයින් 3 දෙනෙක් තවමත් ජීවතුන් අතර සිටිති. ජොහානා විවාහ වූයේ ස්ටවානා මජිබුකෝ සමඟ ය. ඔවුනට දරුවන් 7 දෙනෙක් ලද අතර මේ වනවිට මුනුබුරු මිනිබිරියන් සහ මී මුණුබුරන් 50 කට වැඩි පිරිසක් සිටිති. ජොහානා කිසිදා පාසලකින් ඉගෙන ගත් කෙනෙකු නොවන අතර ඇය කුඹුරු වැඩ කළාය.
2022 දී ඇය කියා තිබුනේ මට මගේ ළමා කාලය මග හැරුණා නමුත් එදා ප්‍රශ්න තිබුණේ නැහැ. ආහාර තිබුනා සෞඛ්‍ය සම්පන්න වුණා. කිසිම සල්ලාලකමක් තිබුණේ නැහැ.

ජොහානා මැසිබුකෝ 1894 දී උපත ලැබූ අතර දකුණු අප්‍රිකාවේ බඩ ඉරිඟු ගොවිපලක හැදී වැඩුණි.

128 හැවිරිදි ජොහානා මජිබුකෝ උපත ලැබුවේ 18 වැනි සියවසේ ය. ඇය 1914 දී පළමු ලෝක යුද්ධය ද, 1939 දී දෙවන ලෝක යුද්ධය ද දුටුවාය. කොරෝනා වසංගතයට මෙන්ම ස්පාඤ්ඤ උණටද මුහුණ දී සුවවී ඇත.

Johanna Mzaibuko
0 PAY Newsflash OldAfro 01
0 PAY Newsflash OldAfro 05
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top