Facebook වෙරිෆිකේෂන් මාසික ගාස්තු ක්‍රමයට ලබාදීමට තීරණය කෙරේ

facebook verify

මෙටා (ෆේස් බුක් ) සමාගමෙහි ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් ඉරිදා ෆේස්බුක් සටහනක් මගින් නිවේදනය කළේ, ෆේස් බුක් හා ඉන්ස්ටර්ග්‍රෑම් පරිශීලකයින්ට තම වෙරිෆිකේෂන් එක නැතිනම් අනන්‍යතාව තහවුරුකර නම ඉදිරියේ නිල් හරි ලකුණු ලාංඡනය ලබාගැනීමේ අවස්ථාව ඉදිරියේ මුදලට සිදුකරන බවත් එම සලකුණ ලබාගෙන දිගටම එය සලකුණු කරගෙන සිටිනවාට මාසික ගාස්තුවක් ගෙවිය යුතු බවත්ය.

නිල් හරි ලකුණු ලාංඡනය  iOS (ඇපල්) සහ ඇන්ඩ්‍රොයිඩ් ඇප් තුළ දර්ශනය කරවීමට ඇමරිකානු ඩොලර් 14.99 ක් මාසිකව ගෙවිය යුතු අතර වෙබ් අඩවිය ඔස්සේ නැරඹීම් කරද්දී පෙන්නුම් කිරීමට ඇමරිකානු ඩොලර් 11.99 ක් මාසිකව ගෙවිය යුතු බවත් මිල ගණන්ද ඔහු ප්‍රසිද්ධ කළේය.
මෙම සේවාව මුලින්ම ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ මෙම සතිය අගදී ක්‍රියාත්මක වන බවද ඔහු දැන්වීය.

සකර්බර්ග් පැවසුවේ නිල් ලාංඡනයට අමතරව මෙම වෙරිෆිකේෂන් ලබාගන්නා අයට “අමතර අනුරූප ආරක්ෂණයක්”, සත්‍යාපිත පරිශීලකයින් සඳහා වැඩි දියුණු කළ ප්‍රවේශයක් සහ පාරිභෝගික සහාය වෙත සෘජු ප්‍රවේශයක් ලබා දෙන බවයි.

මෙම සේවාව ආරම්භයේදී පුද්ගලික ගිණුම් සඳහා පමණක් ලබාදෙන අතර මෙම අවස්ථාවෙහිදී ව්‍යාපාර සඳහා සේවාව ලබා ගත නොහැකි වනු ඇති බව දන්වා ඇත.
පුද්ගලික ගිණුමක් වෙරිෆයි කිරීම සඳහා පරිශීලකයන් අවම වශයෙන් අවුරුදු 18ක්වත් විය යුතු අතර ගිණුම්වල පෝස්ටු පළකිරීමේ ඉතිහාසයක් ද තිබිය යුතුය.අදාළ රටේ රජයේ හැඳුනුම්පත් මත පමණක් විශ්වාසය තබා වෙරිෆිකේෂන් ලබාදෙන බවද දන්වා ඇත.

මේ දක්වා ෆේස් බුක් සිය වේදිකාව පාවිච්චිය හෝ වෙරිෆිකේෂන් සඳහා මුදල් අය කර තිබුනේ නැත. මෙවැනි තීරණයකට හේතුව ඔවුනගේ ආදායම පහළ වැටීම බව අන්තර්ජාල වාණිජ විශ්ලේෂකයින් පෙන්වාදී ඇත.

පහත වැටෙන දැන්වීම් ආදායම සහ ආර්ථික පසුබෑම මධ්‍යයේ Meta විසින් නොවැම්බර් මාසයේදී කාර්ය මණ්ඩලය 11,000ක් – එහි ශ්‍රම බලකායෙන් 13% ට සමාන පිරිසක් ඉවත්කර තිබුණි.  සමාගමේ කොටස් මිල 2022 දී 70% කට වඩා පහත වැටුණු අතර ජූලි මාසයේදී එය එහි පළමු ආදායම් පහත වැටීම වාර්තා කළේය.

 ෆේස් බුක්හි තරගකාරී තවත් සමාජ මාධ්‍ය වේදිකාවක්වන ට්විටර් සිකුරාදා නිවේදනය කළේ ඔවුන් මාර්තු 20 සිට මසකට ඩොලර් 8 බැගින් ට්විටර් බ්ලූ සේවාවට අයකරන බවයි. Twitter හි අඩිපාරේ යමින් Facebook සහ Instagram පරිශීලකයින්ට සමාජ මාධ්‍ය වේදිකාවල සත්‍යාපනය කිරීමට ඉක්මනින් ගෙවීමට සිදුවනු ඇත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top