බොලිවුඩ් මිස හොලිවුඩ් වැඩක් නැහැ ෂාරුක් කියූ දේට ප්‍රියංකා හැප්පෙයි…

priyanka chopra and shahrukh khan

ඉන්දියාවේ බොලිවුඩ් හා බටහිර හොලිවුඩ් සිනමා කර්මාන්ත අතර තරගකාරීත්වයක් පවතිද්දී ඇතැම් ඉන්දීය නළු නිළියන් හොලිවුඩය වෙත ගොස් තමන්ගේ ස්ථාවරයක් එහි තනාගන්නට උත්සාහ දරා තිබේ. ඒ අතරින් එක් අයෙකු වන්නේ ප්‍රියංකා චොප්රාය.
ප්‍රියංකා චොප්රා බටහිරට ගියේ මීට වසර අටකට පමණ පෙරය. විවාහයකුත් බටහිරින්ම කරගත් ඇයගේ හොලිවුඩ් වැඩ මේ වනවිට සාර්ථක ස්ථාවරයක් ගොඩනගාගෙන ඇත; ඇය එක්වරම බොලිවුඩයෙන් ඇද ගන්නට භූමිකාව වූයේ ඇමරිකානු රූපවාහිනී කතා මාලාවක් වන Quantico හි ප්‍රධාන චරිතයයි. ඉන්පසුව ඇය 2017 වසරේ Baywatch චිත්‍රපටයේ Dwayne Johnson සමඟින් එක්වූ අතර සැලකිය යුතු චරිත කිහිපයක් නිරූපණය කිරීමට ඉදිරියට ගියාය. දැන්, ඇය රුසෝ බ්‍රදර්ස්ගේ  සිටාඩෙල් කතාමාලාව නිකුත් කිරීමට බලා සිටී.

මෑතකදී, ප්‍රියංකා තමාට බටහිරට යාමට සිදුවීම ගැන කතා කළ අතර, ඊට මුල්වූයේ බොලිවුඩයේ කිරුළ දරන ෂාරුක් කාන් මෑතකදී කළ ප්‍රකාශයකි.
හොලිවුඩ් චිත්‍රපටයකට කිසිවිට සම්බන්ධ නොවන්නේ මන්දැයි ෂාරුක් ඛාන්ගෙන් මාධ්‍යෙව්දියෙකු විමසා සිටි අවස්තාවේ ඔහු කියා තිබුනේ
‘මම හොලිවුඩ් යන්නේ ඇයි, මට බොලිවුඩ් සැපපහසුයි’ කියායි.
ප්‍රියංකා මෙය උපුටමින් කියා සිටියේ
 ” මම ආඩම්බරේට කියනව නෙමේ, ඔය කියන සුවපහසුව මට නීරසයි.මම ආත්ම විශ්වාසයෙන් මෙහෙ ඇවිත් ඉන්නෙ. මම සෙට් එකකට ගියාම මම කරන්නේ මොකක්ද කියලා මම හරියටම දන්නවා. මම වැඩ කිරීමට කැමැතියි. මම වෙනත් රටකට යන විට එක් රටක මගේ සාර්ථකත්වයේ ගමන් මලු රැගෙන යන් නැහැ‘ ලෙසිනි.
ප්‍රියංකා වැඩිදුරටත් කියා සිටියේ තමාගේ මමත්වය තම රැකියාවට වඩා විශාල නොවන බවයි. ඇය පැවසුවේ, “මම ඉතා වෘත්තීයමය වැඩ කරන කෙනෙක්, ඔබ මා අවට සිටින අයගෙන් ඇසුවොත්, මම මගේ වෘත්තීයභාවය සඳහා ප්‍රසිද්ධ බව දැනේවි. මම ඒ ගැන ආඩම්බර වෙනවා. මගේ පියා හමුදාවේ සිටි නිසා එය ලැබී තිබෙනවා. මට විනයේ වටිනාකම කියා දුන්නේ ඔහුයි. ඔහු මට ඉගැන්නුවේ ඔබට ලබා දී ඇති දේවල වටිනාකම සුළු කොට නොගන්නා ලෙසයි.‘

Citadel ප්‍රයිම් වීඩියෝ කතා මාලාව අප්‍රේල් 28 වෙනිදා ආරම්භ වනු ඇත. ප්‍රියංකා කතා මාලාවේ ඔත්තුකාරියක වන නාඩියා සින්ගේ චරිතය රඟපායි. 

article l 2022615518294666586000

SRKs Old PDA Video With PeeCee Goes Viral1200 636b6bbb5faaa

1496139416 priyanka and shahrukh

priyanka 1 013023 7e2bb7389cd842dba0c9b1ece504938f

gettyimages 1197741307
2022 12largeimg 80748541
044609a1fd2f1ee25643d543324aa758 1
priyanka chopra jonas nick jonas 2nd annual south asian excellence pre oscars celebration 031023 2 d7d5f8cb6bca4c2aaed81263d92d6aec
98577296
Priyanka Chopra 2023031087 5f800bd4e28a40919e2550b3be159a50
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top