භික්ෂුවකට පෝයදා මත්පැන් ලබාදුන් ශ්‍රී පාද සංචාරක හෝටලයක් ගැන පරීක්ෂණ…

drunk munk

ශ්‍රී පාද නල්ලතන්නිය නගරයේ පිහිටි සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති සංචාරක හෝටලයකදී භික්ෂුවකට මත්පැන් ලබාදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන බව හැටන් සුරාබදු කාර්යාලයේ සුරාබදු පරීක්ෂක ඩී.එස්.වීරසිංහ මහතා පැවසීය. එම සංචාරක හෝටලයට සංචාරක මණ්ඩලය විසින් ලබා දී ඇති මත්පැන් බලපත්‍රයට පටහැණිව කටයුතු කරමින් එම සංචාරක හෝටලයේ අයිතිකරු විසින් පසුගිය (06දා) පොහෝ දින  එම භික්ෂුවට සංචාරක හෝටලයේදීම මත්පැන් පානය කිරීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් සිය විරෝධය දක්වා ඇත.

සංචාරක හෝටලය තුළද මත්පැන් පානය කර වෙරි මතින් සිටි භික්ෂුව විවිධ පුද්ගලයන්ට පරුෂ වචනයෙන් බැණවදිමින් නගරය පුරා අශෝභන ලෙස හැසිරී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලීසියටද තොරතුරු ලැබී ඇත. මීට අමතරව ශ්‍රීපාද සංචාරයට පැමිණෙන විදේශීය සංචාරකයන් නවාතැන් ගන්නා සංචාරක මණ්ඩලයේ  ලියාපදිංචි වී ඇති සංචාරක හෝටල් කිහිපයකට බියර් අලෙවි කිරීමට පසුගියදා සංචාරක මණ්ඩලය විසින් බියර් අලෙවි කිරීමට බලපත්‍ර 10 පමණ නිකුත් කර ඇති අතර,

එම බලපත්‍ර රෙගුලාසි උල්ලංඝනය කරමින් ඉකුත් එම පොහෝ දිනම නල්ලතන්නිය නගරයේ පිහිටි සංචාරක හෝටලයකින් බියර් මිල දී ගත් පුද්ගලයෙකු විසින් මලුවල දමාගෙන ශ්‍රීපාද කරුණා කිරීමට පැමිණි තරුණයන්ට බියර් අධික මිලකට අලෙවි කර ඇති බවද නල්ලතන්නිය පොලීසියට සහ හැටන් සුරාබදු කාර්යාලයට තොරතුරු ලැබී ඇත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top