බවු පැටවුන් දෙදෙනා මෝටර් රථයට යටකර පළාගිය කාන්තාව අත්අඩංගුවට | සිදුවීම සම්බන්ධයෙන් කාන්තාව විසින් වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් ලක්ශයක ශරීර ඇප (Photos/Videos)

dog accedent

කුඩා සුනඛයින් දෙදෙනෙකු යටකර පළායන මෝටර් රථයක CCTV දර්ශන පෙළක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සත්ත්ව සංවිධාන කිහිපයක් එක්ව සිදුකළ පැමිණිල්ලකට අනුව මතුරට පොලීසිය විසින් අදාළ මෝටර් රථය පැදවූ බවට පැවසෙන කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන්බව් බව් Baw Baw Animal Welfare සංවිධානය, Justice for Animals & Nature (JAN) මනුසත් අභයදාන සංවිධානය මූලිකත්වයෙන්…

මේ සම්බන්ධයෙන් නුවරඑළිය කොථ්ඨාශයට අයත් මතුරට පොලිසිය වෙත පැමිණිලි යොමු කරනු ලැබුවා.

ඔස්සේ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරැව අද දින එම අවස්ථාවේ CAX 0208 අංක දරන මෝටර් රථය පැදවූ කාන්තාව මතුරට පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන වලපනේ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා..

එහිදී මෙම කාන්තාව විසින් වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් ලක්ශයක ශරීර ඇප මත මුදා හරිනු ලැබුවා.

නැවතත් මෙම නඩුව 2023/06/01 දින කැදවීමට නියමිතයි. එදින Baw Baw Animal Welfare සංවිධානය හා Justice for Animals & Nature (JAN) මනුසත් අභයදාන සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මහතා මේ සම්බන්ධයෙන් ගරු අධිකරණයට කරුණු දැක්වීමට නියමිතයි. නඩු අංකය B 160/23.

ඉදිරි සතියේදී මෝසමක් මගින් CCTV දර්ශන ඇතුලත් වීඩියෝ පට මතුරට පොලිසිය මගින් ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම සන්විදානය වෙනුවෙන්:

එම වීඩියෝ පට සම්බන්ධයෙන් ‍රස පරීක්ෂක වාර්තාවක් කැදවීම වෙනුවෙන්.

ස්තූතියි ❤

මේ සම්බන්ධයෙන් මගපෙන්වීම් කරමින් අනුශාසනා කල පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හාමුදුරුවන් වහන්සේ සහ මනුසත් අභය දාන සංවිධානයේ නිර්මාතෘ සභාපති පූජ්‍ය පින්වත් අපේ W Pangngnanda Himi පොඩිහාමුදුරුවන් වහන්සේ සහ,

මෙවැනි සිදුවීමකදී සත්ත්ව නීතියේ ප්‍රතිපාදන ගැන අදාළ අංශ වලට උපදෙස් ලබාදීමට නිරන්තරයෙන් කැපවීමෙන් කටයුතු කරන අපගේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මහතා සහ, සහකාර පොලිස් අධිකාරී Indika Gamage මැතිතුමන්ට

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අපගේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මහතා සූදානම්. ඒ සම්බන්ධයෙන් සියලු අනුග්‍රාහක තත්ත්වයන් ලබාදෙන්න ඉදිරිපත් උන BawBaw Animal Welfare අපිට සහයෝගය ලබාදෙන හැමෝටම,

විශේෂයෙන් මෙම සිදුවීම සමාජගත කිරීමට නොබියව කටයුතු කල එම CCTV කැමරා පද්ධතිය සවිකොට තිබූ නිවසේ මහත්ම මහත්මීන්ට

නිසි අයුරින් පැමිණිල්ල සකස් කොට මතුරට පොලිසිය වෙත ලබාදීමට කටයුතු කල (JAN) ලේකම් Nagodavithana RD මහත්මියට

මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිමය පියවර තැබීමට අද දින මතුරට පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිලි සටහන් කර මෙම සිදුවීම නීතියේ රැහැනට කොටු කර ගැනීමට පොලිස් නිළධාරීන්ට සහයෝගය ලබා දුන් Dasun Sameera සහ Thilina C Rajapaksha ට

සියලුම කටයුතු වෙනුවෙන් මහපෙන්වීම් කරමින් නිහඩවම විශාල කැපකිරීමක් කල Anura Prasanna Kottearachchi අයියට වචනෙකින් හරි සහයෝගය දෙන හැමෝටම,

වර්තමානයේ ශ්‍රී ලංකාව තුල පවතින නීතිමය පරිසරය ගෘහාශ්‍රිත සතුන් සම්බන්ධ හිංසනයන් වෙනුවෙන් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින් සත්ව ක්‍රියාකාරීන් වශයෙන් අප පාලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් සත්ව සුබසාධන පනත පාර්ලිමේන්තුව තුල සම්මත කර දෙන ලෙසයි

වීඩියෝ සටහනේ සිටින්නෙ බව් අම්ම නෙමෙයි, එතන ඉන්නෙ පිරිමි බව්වෙක් එයාව ඒ අවට අය රැකබලාගැනීම කරනව, බව් අම්ම ගැන අහල බලපු ඒ වෙනුවෙන් රැකවරණය දෙන්න ඉදිරිපත් උන Udaya Wijesinghe අයියට Shiru Gamage අයිය ඇතුලු හැම දෙයක්ම හොයල බලපු සාක්ෂි දෙන්න ඉදිරිපත් උන හැමෝටම බොහොම ස්තූතියි.

ප.ලි – මේ සිදුවීම සහ මෙවැනි සිදුවීම් සිදුඋන පසු සමාජජාල මාධ්‍ය තුල පෞද්ගලික පලිගැනීම් පිරිමසාගැනීම සදහා විවිධ අසත්‍ය තොරතුරැ සමාජගත කරන බැවින් හැකි සෑම විමටම නිවැරැදි තොරතුරැ පිළිබදව අවදානෙන් කටයුතු කරන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනව !

සත්ව හිංසනයන් සම්බන්ධව පවතින නීතිමය තත්වය අනුව අපගේ සක්‍රීය මැදිහත් වීමක් කිරීමටනම් ප්‍රමාණවත් සාක්ෂි හෝ අදාල විස්තරය ලබාදෙන පුද්ගලයා විසින් පොලිස් පැමිණිල්ලක් යොමු කර තිබීමට අවශ්‍යයි.

332117266 682351560309158 82516105033629067 n
332085247 929332115160119 3935194481609422316 n
332096374 1713063545780337 8807496562165530631 n
332084528 919850219443731 5944820590662090478 n
332088964 604266828208236 1181125243458817963 n
332286682 989572842448853 1543144652110956739 n
332137584 1311172026121773 8349424266615005281 n
332324662 1237058906924435 8075714827495909475 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top