මම අද වෙනකම් කිසිම වෙඩින් එකකටවත් බර්ත්ඩේ පාටියකටවත් ගිහින් නැහැ, ඒක මගේ ප්‍රතිපත්තියක්- උදාරි වර්ණකුලසූරිය (PHOTOS )

udari warnakulasooriya story

 අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියලා කියන්නේ. ඉතින් නිරන්තරයෙන්ම කළා නිර්මාණ හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය ශ්‍රී ලාංකේය සාහිත්‍ය වංශකතාවේ සදාතනික සලකුණක් බදු සයිමන් නවගත්තේගමයන්ගේ අවසන් නවකතාවෙහි ටෙලි රූප පෙළහර වන ‘සංසාරාරණ්‍යය අසබඩ’ ටෙලි නිර්මාණයේ ළමාතැනීගේ චරිතයට පණපොවා මෙවර සුමති සම්මාන උළෙලේ 2020 වසරේ හොඳම ටෙලිනාට්‍ය නිළිය ලෙස ඇය සම්මානයට පාත්‍ර වුණා.

ඉතින් ලැබූ ජයග්‍රහණය සහ අලුත්ම තොරතුරු දැනගන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා. ඉතින් සුමති සම්මාන උළෙලේ හොඳම ටෙලිනාට්‍ය නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීම ගැන ගොඩක් සතුටුයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම ලොකු ආඩම්බරයක් දැනෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් චරිත විතරයිලු ඇය හැමවෙලේම තෝරාගන්නේ.

ඉතින් තිර රචකයා තිර පිටපත ලියද්දි ඔහුගේ කාලය, ශ්‍රමය වැය කරලා ඔහු ආදරය කරන චරිත තමයි ඔහු අතින් ලියැවෙනවා වගේම එම තිරපිටපත අධ්‍යක්ෂවරයා භාර ගන්නෙත් ඒ නිර්මාණයට තිබෙන ආදරය නිසා කියලයි උදාරි කියන්නේ. ඒ නිසාම ඇය ඔවුන්ගේ බලාපොරොත්තු නැති කරලා සාධාරණයක් කරන්න බැරි චරිත භාරගන්නේ නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයගේ පරාසයේ තිබෙන චරිත පමණයිලු ඇය භාරගන්නේ. ඉතින් චරිතවලට තිබෙන කෑදරකමට සාධාරණයක් කරන බැරි චරිත භාර අරගෙන නිර්මාණයට අසාධාරණයක් කරන්න ඇය කැමැති නැහැ කියලත් උදාරි කියනවා.  

311466453 651711219644333 2317517043158442285 n
277104381 10159526475846488 8780467605904458813 n
276998455 10159526475841488 5011622696454730422 n
327305842 2221243114713081 1109445914152919023 n
275241935 10159503089946488 6209685100496879422 n
275440937 10159503089916488 4580514455576961082 n
274560846 10159484034446488 3389584000220622673 n
274582702 10159484034486488 1713037959741585249 n
270076522 10159384383511488 1618877768500657233 n
266284283 10159367832826488 116492370971960501 n
239768102 10159163416921488 3143365859419757309 n
233681097 10159137976096488 6292015067195864625 n
155175601 10158798474391488 7010142103591609264 n
269923000 10159384383506488 2607219212865991383 n
137634356 10158661331841488 1001423765600502942 n
123310153 10158495881446488 41671432610628001 n
119127190 10158373105241488 475487636409841042 n
79780201 10157506487771488 454980875101143040 n
74310011 10157413888486488 6735595089155850240 n
16298775 10154781926936488 3583050485905295886 n
132977471 1525233857670103 8074873803848450697 n
318130880 10229747885229671 6189498378458651042 n
318065508 10229747885149669 2693509107902290046 n
311521984 10229239167312041 8988562668204453698 n
305212245 10229036818533448 5817205432541878804 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top