සිරිපා වන්දනා බසයක් ප්‍රපාතයකට වැටී තරුණියන් දෙදෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල

sripade bus accedent

ශ්‍රී පාද වන්දනාවේ ගිය බස් රථයක් නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් තරුණියන් දෙදෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලැබීය.

අදාළ බස් රථය ඊයේ (19) රාත්‍රී 9.15ට පමණ නොර්ටන් බ්‍රිජ් පොලීසිය ආසන්න ප්‍රදේශයක දී අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බව වාර්තා වුණි.

අනතුරින් 26 හැවිරිදි 30 හැවිරිදි තරුණියන් දෙදෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබු තවත් 25 දෙනෙකු ප්‍රතිකාර සඳහා වටවල, ගිනිගත්හේන සහ නොර්ටන් යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබුවන් අතර බස් රථයේ රියදුරු සහ සහයක ඇතුළුව කාන්තාවන් 14දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11දෙනෙකු වන බව පොලීසිය පැවසුවේය.

අනතුරින් මියගොස් ඇත්තේ තෙලිජ්ජවිල සහ බණ්ඩාරවෙල යන ප්‍රදේශවල පදිංචි තරුණියන් දෙදෙනෙකු බව සඳහන්ය.

මොවුන් මහරගම ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ඇති අතර යළි නිවෙස් බලා යමින් සිටියදි එම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

නොර්ටන්බ්‍රිජ්, ගිනිගත්හේන මාර්ගයේ ගමන් කළ තවත් වාහනයකට ඉඩලබාදීමට යාමේ දී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී ඇති බව පොලීසිය සඳහන් කළේය.

332086671 546688930786394 5268726590966173710 n
332269908 736565734665242 9016827571836572609 n
332103260 600831624736549 9172170515976881338 n
332061185 528800602667953 5349528532693704791 n
332291220 902403327693588 2939053486604064965 n
332068282 682824283623631 5503196124587964939 n
332075587 1391144101428858 2996248458645768767 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top