OnmaxDT පීරමිඩ ජාවාරමේ හවුල්කරු සොයන්න නේම් චීප් (namecheap.com) CEO ට ලංකාවේ අධිකරණයෙන් නියෝගයක්…

namecheap niyoga

මෙරට ලියාපදිංචි කරන ලද පෞද්ගලික සමාගමක් මගින් ඇමෙරිකානු ඩොලර් කෝටි 10කට අධික මුදලක් නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල යෙදවූයේ යැයි කියන ‘ඔන්මැක්ස් ඞීටී’ ( OnmaxDT) පුද්ගලික සමාගමේ හිමිකරු කවුරුන් ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසට නියෝග කරමින්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි ‘නේම් චිප් ඩොට් කොම්’ (namecheap.com) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට ඊයේ (29) නියෝග කළේය.

ඔන්මැක්ස් ඩීටී පුද්ගලික සමාගමේ හිමිකරු කවුරුන් ද, එහි මූල්‍ය ගනුදෙනු නියමාකාරයෙන් සිදු වී ඇද්ද, එහි ක්‍රියාකාරීත්වය වී කෙසේ ද, එහි ඩොමේන් පහසුකම ලබාගත්තේ ඔබ ආයතනයෙන් ද,
ඒ සඳහා වූ ගිවිසුම් කවරේ ද, එහි හොස්ටින් පහසුකම කෙසේ ද, ආදී ප්‍රශ්න 12කින් සමන්විත ප්‍රශ්නාවලියකට පිළිතුරු ලබා දෙන ලෙසට අධිකරණය අදාළ ආයතනයට නියම කර ඇත. මෙම සිද්ධියට අදාළවම ඇමෙරිකාවේ පිහිටි මූල්‍ය සමාගමක ගිණුම් 8ක් මාස හයකට වහාම අත්හිටුවන ලෙස ඇමෙරිකාවේ ” බයිනෑන්ස් ඩොට් කොම්’ (binance.com) මූල්‍ය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාට ද අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබුණේ ඉකුත් අප්‍රේල් මස 19 වැනිදාය. ඇමෙරිකාවේ ‘බයිනෑන්ස් ඩොට් කොම් මූල්‍ය සමාගමේ ගිණුම් අටක අත්‍යන්ත මුදල් වශයෙන් රුපියල් කෝටි 43කට අධික මුදලක් තැන්පත් වී ඇති බවට මෙම විමර්ශනයේදී හෙළි වූ අතර, ඒ අනුව එම ගිණුම් අටේ ගනුදෙනු අප්‍රේල් මස 19 වැනිදා සිට මාස හයක කාලයක් අත්හිටුවීම  සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා එලෙස  නියෝග කර තිබිණි.

‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගම මෙරට ගනුදෙනු සඳහා යොදාගත් ලංකා බැංකුව, සෙන්ට්‍රල් ෆිනෑන්ස්, නේෂන් ට්‍රස්ට්, සෙලාන් බැංකුව සහ පීපල්ස් ට්‍රස්ට් යන බැංකු හා මූල්‍යායතනවල අදාළ සමාගම නමින් තිබූ බැංකු ගිණුම් 57 ක් අත්හිටු වීමට ද ඉකුත් මාර්තු මස 28 වැනිදා අධිකරණයෙන් නියෝග නිකුත් විණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා කරන ලද පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබ තිබුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසිනි.

‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගම ලෙසින් සමාගමක් ලියාපදිංචි කරමින්, එකී සමාගම හරහා නීති විරෝධී පිරමීඩිකාර ගනුදෙනු කරමින්, අතත්‍ය මුදල් වොලට්ටුවල (Crypto Currency Wallet) ඇමෙරිකානු ඩොලර් කෝටි 10කට අධික මුදලක් ගනුදෙනු සිදු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබිණි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top