තුර් කි ( Turkish ) භූකම්පනය අසාමාන්‍ය බව භූකම්පන විශේෂඥයෝ කියති. මෙන්න විස්තරේ

fhfh

තුර්කියට සහ සිරියාවට බලපෑ භූකම්පන ද්විත්වය අසාමාන්‍ය අවස්ථාවක් බව භූකම්පන පිළිබඳ විශේෂඥයන් සඳහන් කරයි. ඒ අනුව මෙම භූකම්පන පිළිබඳව තවදුරටත් අධ්‍යයනය සිදුකිරීම වැදගත් බවත් ඔවුන්ගේ අදහස වී තිබේ. පසුගිය පෙබරවාරි 06දා ඇති වූ මෙම භූකම්පන දෙක රික්ටර් පරිමාණ 7.7ක සහ 7.6ක ප්‍රබලත්වයෙන් යුක්ත විය. මේ හේතුවෙන් තුර්කියේ පමණක් පළාත් 10ක මිලියන 13ක ජනතාවකට බලපෑම් එල්ල විය. එසේම පැය 10ක කාලයක් ඇතුළතදී සිදුවුණු මෙම භූකම්පන දෙක සිරියාව සහ ලෙබනනය  ඇතුළු අසල්වැසි රටවල් රැසකට දැනී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලන්ඩනයේ යුනිවර්සිටි කොලීජියේ භූකම්පන ඉංජිනේරුවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක වන ටිසිආනා රොසෙටෝ, “මෙය සාමාන්‍ය අවස්ථාවක් නෙමෙයි. එය පැහැදිලිවම අපි මේ  දක්වා සිතාගෙන සිටින කම්පන මාදිලි සැකැස්මට වඩා වෙනස් වූ දෙයක්.” යනුවෙන් පවසා සිටියි.  ඒ අනුව ඇය මෙම කම්පනය 1994 වසරේදී කැලිෆෝනියාවේ සැන් ඇන්ඩ්‍රියාස් වෙත බලපෑ නෝර්ත්ගේජ් භූකම්පනය හා සමාන බවත් පවසා සිටියි. තුර්කියේ සහ සිරියාවේ සිදුවූ මෙම භූකම්පනය හේතුවෙන් මරණයට පත් වූවන් සංඛ්‍යාව ඊයේ දිනය වනවිට 34,000ක් දක්වා ඉහළ නැග තිබූ අතර, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව අපේක්ෂාව වී තිබේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top