හිටපු ඈමරිකානු ජනාධිති Donald Trump නිල් චිත්‍රපට නිළියක් සමඟ රූම් ගිහින් මාට්ටු වෙයි. නිළිය සියල්ල වමාරයි… (PHOTOS)

donald trump

කාම චිත්‍රපට නිළියකට ගෙවන ලද මුදලක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයකට අදාළව සාක්‍ෂි දීම සඳහා ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැඳවා ඇති බව වාර්තා වනවා.

මෙම මුදල් ගෙවීම සිදුව තිබුණේ ට්‍රම්ප් 2016 වසරේ ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරණ කටයුතු සිදු කරමින් සිටි කාලයේය.

ට්‍රම්ප්ගේ නීතිඥයකු ඇමරිකානු ඩොලර් 130,000ක මුදලක් ස්ටෝමි ඩැනියල්ස් නමැති නිළියකට ගෙවා තිබිණි.

ස්ටෝමි ඩැනියල්ස් පවසන්නේ ට්‍රම්ප් තමා සමග ලිංගික ඇසුරක් පැවැත්වූ බවයි.

එය රහසක් ලෙස තබා ගැනීම සඳහා එකල මෙම මුදල ගෙවූ බවට ඇය චෝදනා කරයි.

ඉහත කී මුදල ඇයට ගෙවන ලද්දේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ලැබුණු අරමුදල්වලින් යයිද චෝදනා එල්ල විය.

එම ගෙවීම ඇමරිකානු මැතිවරණ කොමිසම වෙත හෙළිදරව් කර නොතිබුණු බවටද චෝදනා නැගුණු අතර එය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ලැබෙන අරමුදල් සම්බන්ධයෙන් පවතින නීති උල්ලංඝනය කරන්නක් ලෙස සැලකිණි.

මෙම සිද්ධියට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇති සම්බන්ධය සහ ඔහුට එරෙහිව නඩු පැවරිය යුතුදැයි තීරණය කිරීම සඳහා මේ වනවිට මූලික සාක්‍ෂි විභාගයක් පැවැත්වෙන බව සඳහන් වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට කැඳවීමක් කර ඇත්තේ එම ජූරිය හමුවේ සාක්‍ෂි දීමටය. මේ වනවිට තවත් බොහෝ දෙනෙකු එහි සාක්‍ෂි දී ඇති බව සඳහන් වේ.

මෙම මූලික සාක්‍ෂි විභාගයෙන් පසු ට්‍රම්ප්ට එරෙහිව නඩු පැවරීමක් සිදු වීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිරීක්‍ෂකයන්ගේ විශ්වාසයයි.

එවැනි නඩු පැවරීමක් සිදු වුවහොත් එය ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකුට එරෙහිව අපරාධ නඩු පැවරීමක් සිදුවන පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වනු ඇත.

මෙහිදී යම් හෙයකින් ට්‍රම්ප් වැරදිකරු වුවහොත් ඔහුට උපරිම වශයෙන් වසර 4ක සිර දඬුවමක් නියම කළ හැකි බවද සඳහන් වේ. ස්ටෝමි ඩැනියල්ස් කලක් කාම චිත්‍රපටවල රඟපෑ නිළියකි.

ඇයගේ සැබෑ නම ස්ටෙෆනී ක්ලිෆර්ඩ්ය. තමා සහ ට්‍රම්ප් අතර ලිංගික ඇසුරක් පැවැති බව ඇය මුලින්ම ප්‍රකාශ කළේ 2011 වසරේ සඟරාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.

ඩැනියල්ස් පවසන ආකාරයට ඇයට මුලින්ම ට්‍රම්ප් හමු වී තිබුණේ 2006 වසරේ ගොල්ෆ් තරගාවලියක් අතරයි. පසුව ඔවුන් එක්තරා හෝටලයක කාමරයක් තුළ ලිංගිකව හැසිරුණු බව ඇය පවසා තිබුණාය.

කෙසේ නමුත් තමා සහ ඩැනියල්ස් අතර ලිංගික සම්බන්ධයක් පැවැති බවට එල්ල වූ චෝදනා ට්‍රම්ප් ප්‍රතික්‍ෂේප කර තිබිණි.

සාක්‍ෂි දීම සඳහා ට්‍රම්ප් කැඳවා ඇත්තේ ඔහුගේ දේශපාලන දිවියේ තවත් වැදගත් අවස්ථාවක වීමද විශේෂත්වයකි.

2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තමා ඉදිරිපත්වීමට අපේක්‍ෂා කරන බව ට්‍රම්ප් මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

මේ අනුව ඔහු රිපබ්ලිකන් පක්‍ෂයෙන් ඒ සඳහා නාමයෝජනා දිනා ගැනීමේ තරගයට අවතීර්ණ වී සිටියි.

23 640eba45b735f
download 2
23 640eba46d3ec2
stormy daniels donald trump dress affair nft
Stormy Daniels grammys 2007 billboard 1548
1531995293 stormy daniels cbb rumours
2018 04 16T211057Z 888974507 HP1EE4G1MU9NV RTRMADP 3 USA TRUMP RUSSIA COHEN 1024x632 1
Adult film actress Stephanie Clifford, also known as Stormy Daniels, speaks to media along with lawyer Michael Avenatti (R) outside federal court in the Manhattan borough of New York City, New York, U.S.,
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top