තරුණයන් 120 ක් තායිලන්තයට යවා පරිගණක අපරාධවලට යොදවලා…

srilanka thailand cyber crime

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණයන් එකසිය විසි දෙනකු තායිලන්තයට යවා හැකර්වරුන් ලෙස දරුණු ගණයේ පරිගණක අපරාධවලට යොදවා ගැනීමේ සිද්ධියක් ගැන සියලු සුලමුල හෙළිවී ඇති බවත් ඊට සම්බන්ධ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරයා  අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වාගෙන යන බවත් කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(9) පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ බොහෝ අයගේ හක්කෙ බුදුරැස් වුණාට බොක්කේ දඩමස් බවද ඔහු සඳහන්  කළේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී  නීතිඥ මධුර විතානගේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එහිදී ඇමැති නානායක්කාර මහතා මෙසේද සඳහන් කළේය.

මේ කූට ජාවාරමට  අහුවෙලා ඉන්නෙ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණයන් පිරිසක්.
අපි මේ ජාවාරම්කරුවන්ට අහුවෙන්න එපා කියලා නිතර නිතර කිව්වත් රැවටිලා තිබුණා. කියද්දි කියද්දී මේ කූට පුද්ගලයාට අහුවුණා. මුදල් තායිලන්තයට  ගියා. ජාවාරම්කරුවන් එතැන්  සිට වෙනත් රටවලට යවලා හැකර්වරුන් විදියට පාවිච්චි කරලා තිබුණා. භයානක ජාවාරමකට තමයි යොදවල තිබුණේ. අපි මේකෙ සුලමුල  හොයලා  එක පුද්ගලයකු මුලින්ම අත්අඩංගුවට ගත්තා.ඒ  එ පුද්ගලයා දැන් රක්ෂිත බන්ධනාගාරගත  කරලා තියෙනවා. පස්සේ අපි මහමොළකරු හෙව්වා. ඔහු  අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති  පෙරමුණේ මන්ත්‍රීවරයෙක්.

ඔහු  සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු  ඔහු ගැන හෙළි කරන්නේ නෑ. ජනතාවගේ ජීවිත නැති කළා. මේ වැඩේ කළේ ජෙප්පෝ. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා රට විරුවන් ගැන කතා කරන  අතරේ එයාගේ ගෝලයෝ කරන වැඩ තමයි මේවා. චීන පොහොර නැව, අසූචි නැවට සම්බන්ධ  පුද්ගලයාත් ජනතා විමුක්ති පෙරමුණේ  වත්තල ලැයිස්තුවේ ඉන්නවා. මේ අයගේ නක්කෙ බුදුරැස්   වුණාට බොක්කේ දඩමස්.

ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා :-

“තායිලන්තයේ  රැකියා දෙනවා කියලා ලංකාවේ තරුණ තරුණියන් පරිගණක අපරාධවලට විකිණීමේ  ජාවාරමක් සිද්ධ වෙනවා. ළමයි එකසිය විසි ගාණක් කතා කරල තියෙනවා. මේ ළමයින්ගෙන් බහුතරයක් යවලා තියෙන්නේ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති  පෙරමුණේ මන්ත්‍රීවරයෙක්. අනුර සමරනායක නමැත්තා. ඔහුට විරුද්ධව අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවට  පැමිණිලි කරලා තියෙනවා. විශාල මුදල් ප්‍රමාණයක් උණ්ඩියල් ක්‍රමයට තායිලන්තයට යවලා තියෙනවා. මම මේ  ගැන තායිලන්තයේ ශ්‍රී ලංකා  තානාපති කාර්යාලයට කතා කළා. කනගාටුයි  කියන්න දුර්වල ප්‍රතිචාරයක් ලැබුණේ”. යැයිද මන්ත්‍රීවරයා කීවේය.

අංජුල මහික වීරරත්න

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top