එංගලන්තයේ හිටපු රූ රුජින මැක්සිකෝවේදී මත්ද්‍රව්‍ය චෝදනා ලබා වසර 20ක් සිපිරිගෙට…

international beauty queen

එංගලන්තයේ හිටපු රූ රුජිනක වන 34 හැවිරිදි ජෙනිෆර් යන්ග් මෙක්සිකෝවේදී වසර 20ක සිරදඬුවමකට යටත්ව ඇතැයි වාර්තා වෙයි. ඇය විසින් සිදුකළ බව පැවසෙන මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ චෝදනාව යටතේ ඇයට මෙම දඬුවම හිමිවී තිබේ. පසුගිය වසරේදී ඇය ඩෙන්මාර්කයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මෙක්සිකෝවේ කැන්කුන් නුවර දක්වා ගුවන් මගින් පැමිණි අවස්ථාවේදී, සිය ගමන් මල්ලේ පහළ කොටස් සකස් කර තිබූ ව්‍යාප් කොටසක් තුළ කිලෝග්‍රෑම් 13,080ක බරකින්  යුත් කෙටමයින්  නම් මත්ද්‍රව්‍ය පැකට්ටු රැසක් සමග ඇය මෙක්සිකානු පොලිස් අත්අඩංගුවට පත්විය. එම මත්ද්‍රව්‍ය තොගයේ  වටිනාකම ස්ටර්ලිං පවුම් 250,000ක් බව  පැවසෙයි.

එම අවස්ථාවේදී සිය ට්විටර් ගිණුමේ සටහනක් තැබූ මෙක්සිකානු පොලීසිය, ”කැන්කුන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි විදේශීය ජාතිකයෙකුගේ බෑගයේ රහස් කොටසක සඟවා තිබූ මත්ද්‍රව්‍ය සහිත පැකැට්ටු රැසක් සොයා ගැනීමට ජාතික ආරක්ෂක සහ ගුවන් තොටුපොළ ආරක්ෂකයන් සමත්වුණා.” යනුවෙන් සඳහන් කර තිබේ. ඉන් අනතුරුව ඇය මෙක්සිකෝ නගරය ආසන්නයේ කැන්කුන්හි පිහිටි සිරකදවුරක මාස හයකට ආසන්ත කාලයක් රඳවා තැබුණු අතර, එය මෙක්සිකෝවේ පිහිටි අධික රැඳවියන් ගහණයක් සහිත කඳවුරු අතරින් එකක් ලෙසද සැලකෙයි.  මෙම කාලසීමාවේදී ඇයට එරෙහිව නඩු විභාගය පැවැත්වුණු අතර,


එහි අවසන් තීන්දුව ලබා දෙමින් පසුගියදා අධිකරණය මෙම තීන්දුව ලබාදී තිබේ.

එංගලන්තයේ ඩර්බි නුවර රූ රැජින ලෙස තේරී පත්ව ඇය එංගලන්ත රූ රැජිත තරගයට ඉදිරිපත් වෙමින් 2007 වසරේදී ඉන් ජය ගත්තාය. එම අවස්ථාවේදී ඇගේ වයස අවුරුදු 17ක් විය. පොලිස් වාර්තාවලට අනුව ඇය ආසන්න වසරක පමණ කාලයක් තිස්සේ මෙලෙස ලොව පුරා රටවල් රැසක මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී තිබේ. එහිදී ඇය සිය මව ඇතුළු පවුලේ සාමාජිකයන්ට පවසා ඇත්තේ තමන් රටින් රටට සංචාරය කරමින් සිටින බවකි. එසේම ඇය  තමා සිරගතව සිටින බවත් ඔවුන්ගෙන්  වසන් කර තිබේ. කෙසේ වෙතත් අවසානයේදී ජෙනිෆර් මාස ගණනාවක්ම  මෙක්සිකෝවේ සිරකඳවුරක රඳවා තිබෙන බව ඇගේ මවට දැනගන්නට ලැබී තිබේ.

”මේ ගැන දැනගත්තහම මම කම්පනයට පත්වුණා. මම දන්නවා ජෙනිෆර් ඉන්නේ මෙක්සෝවේ කියලා. ඒත් මම හිතුවේ ඇය  සංචාරය කරනවා  කියලා. ඒත් මට ඇයව අන්තිමට හම්බ වුණේ සිරකදවුරකදී.” යනුවෙන් ඇගේ මව  පවසා තිබේ. ජර්මනියේ උපත ලද ජෙනිෆර් යන්ග්ගේ මව  බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. ඇගේ පියා  ජර්මානු ජාතිකයෙකි. එංගලන්ත රූ  රැජින කිරුළ ජයගැනීමෙන් අනතුරුව ඇය වයස අවුරුදු 19 දී සිය උපත් බිම වූ ඩර්බි නුවරින් පිටත්ව නිරූපිකාවක ලෙස මෙන්ම සංචාරක මඟපෙන්වන්නියක ලෙසද විදෙස් රටවල සේවය කළාය.

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවීමේ චෝදනාව මෙක්සිකෝව තුළ වඩාත් දරුණුතම අපරාධයක් ලෙස සැලකෙයි. ඒ අනුව ඊට ලබාදෙන අවම දඬුවම වසර 20ක සිරදඬුවමකි.  මෙම දඬුවමින් ඇය මුදවා  ගැනීම සඳහා මෙක්සිකෝවේ පිහිටි  බ්‍රිතාන්‍ය කොන්සල් කාර්යාලය දැනටමත් මැදිහත්ව කටයුතු කරමින් සිටින බවත් සඳහන් වෙයි. එහිදී මූලික පියවර ලෙස ඇය දැනට රඳවා ඇති ස්ථානයෙන් ඉවත්කර වඩාත් හොඳ, තනි සිරමැදිරියක් වෙත  මාරුකර යවා ඇතැයි පැවසෙයි.

”ඇය සිරකදවුරේ ඉන්න ගමන් මට කතා කරනවා. ඇයට මාත් එක්ක කතා කරන්න දෙන්නේ විනාඩි පහක් විතරයි. මම දන්නේ නෑ අපි දෙන්නා අතර කතාව කවුරුද අහගෙන ඉන්නේ කියලා. ඒ නිසා ඇය ඒ කදවුරේ මොනවද වෙන්නේ කියන දේ මට කියන්නේ න්‍ය.” යනුවෙන්ද පේනිෆර්ගේ මව බ්‍රිතාන්‍ය මාධ්‍ය වෙත පවසා තිබේ.

5db2881c89218525492fdd088eaf0df5900033ab 16x9
A former international beauty queen faces 20 years in a Mexican jail for suspected drug trafficking.
25587293 2007 11 08 lm061107d 3 picture by leah mc
573813
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top