විශ්‍රාම යාමේ වයස නිසා ගිනිගත් සුන්දර පැරිසිය | Thousands protest French government in Paris (VIDEO / PHOTOS)

Thousands protest French government in Paris

විශ්‍රාම යාමේ වයස් සීමාව ඉහළ දැමීමට එරෙහි විරෝධය පළකරමින් දහස් සංඛ්‍යාත පිරිසක් ආරම්භ කර ඇති විරෝධතාවයන් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් අගනුවර පුරා ප්‍රචණ්ඩකාරී ස්වරුපයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණයට විරෝධය පළකරමින් ප්‍රංශය පුරා ඊයේ දිනයේදී ආරම්භ කෙරුණු මෙම විරෝධතාවයන් පැරිසිය පුරා ද ක්‍රියාත්මක වීමත් සමග එය පාලනය කිරීමට කැරලි මර්දන පොලිසිය යොදවා තිබු බවයි එම වාර්තා පෙන්වා දුන්නේ.

“කළු අගහරුවාදා” දිනය යනුවෙන් නම් කර තිබු මෙම විරෝධතාවයට සහභාගිවූ විරෝධතාකරුවන් සහ කැරලි මර්ධන පොලිසිය අතර අවස්ථා ගණනාවකදී ගැටුම් ද ඇතිවූ බව සඳහන්.

පැරිසියේ ඇතැම් ස්ථානවල දී විරෝධතාවයන් පාලනය කිරීමට කැරලි මර්ධන පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයන් ද එල්ල කර ඇති අතර විරෝධතාකරුවන් විවිධ දෑ ගිනි තබමින් පොලිසියට ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇත.

පැරිසියට අමතරව ප්‍රංශයේ Marseille, Nice සහ වෙනත් නගරවල විශාල ජනකායක් වීදි බැස ඇති අතර, Lyon, Nantes සහ Rennes ඇතුළු අනෙකුත් ප්‍රධාන නගරවල ද විරෝධතාකරුවන් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් එරට ජනතාවගේ විශ්‍රාම යන වයස අවුරුදු 62 සිට 64 දක්වා වැඩි කිරීමට දරන ප්‍රයත්නයට එරෙහිව මිලියන ගණනක් ජනතාව දැඩි සේ කෝපයට පත් වී සිටි.

යුරෝපීය සංගමයේ සෙසු රාජ්‍යයන් මෙන් ප්‍රංශය ද විශ්‍රාම යාමේ වයස් සීමාව වැඩි කිරීමට උත්සහ දරමින් සිටින අතර එයට ආසන්නතම හේතුව වන්නේ බ්‍රිතාන්‍යය එරට ජනතාවගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වයස අවුරුදු 66ක් දක්වා ඉහළ නංවා තිබීමයි.

thumbs b c d1946e1fae39ab3608c0809ea1492f49
yuiyi
F 1
F 3
F 4
F 7
F 5 1
F 8
F 9
F 13
F 14
F 16
F 12
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top