ඉතාලියේ රැකියා අවස්ථා 82,702ක් | අයදුම් කරන්නේ මෙහෙමයි…

italy-job-vacancies

ඉතාලියේ රැකියාවන් 82,702ක් සඳහා ශ්‍රී ලාංකිකන් ඇතුළු යුරෝපා නොවන රටවල් කිහිපයක ජනතාවට අවස්ථාව හිමිව ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහා වන්නේ මෙම අවස්ථාව ශ්‍රි ලංකාව ඇතුළු බංගලාදේශය, කොරියානු ජනරජය, ඊජිප්තුව, පිලිපීනය, ජපානය, ඉන්දියාව, කොසොවෝ, නයිජීරියාව, පාකිස්ථානය, යුක්රේනය හා යුරෝපා නොවන කාණ්ඩයේ තවත් රටවල් කිහිපයකට හිමිව ඇති බවය.

කාලීන රැකියා (Seasonal Workers), කාලීන නොවන රැකියා (Non-Seasonal Workers) හා ස්වයං රැකියා (Self Employed) යන කාණ්ඩ ත්‍රිත්වය ඔස්සේ ට්‍රක් රථ රියදුරන්, ඉදිකිරීම් ක්ෂේත්‍රය, හෝටල් ක්ෂේත්‍රය, යාන්ත්‍රික හා විදුලි කාර්මික, විදුලි සංදේශ, ආහාර කර්මාන්තය, නාවික ක්ෂේත්‍රය, සංචාරක හා කෘෂි වගා ආදී ක්ෂේත්‍රවල රැකියා සඳහා සුදුසුකම් ඇති පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකිවේ.

එළඹෙන මාර්තු 27 වන දින සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ එම රැකියා අවස්ථා සඳහා අයදුම්පත් කැඳවීමට එරට රජය විසින් කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව 27 දින පෙරවරු 9.00 සිට https://www.anpal.gov.it/assumere-lavoratori-non-comunitari-anno-2023  යන වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම රැකියා සඳහා අයදුම් කළ හැකිය.  

මෙම රැකියා අවස්ථා සඳහා අයදුම්කරුවන්ට පෞද්ගලිකවම අන්තර්ජාලය ඔස්සේ අයදුම් කළ හැකි අතර, මේ වැඩසටහනට අනුව ඉතාලියේ රැකියා ලබාගැනීම සඳහා කිසිවෙකුට මුදල් ලබා නොදෙන ලෙසත් තමාගේ පෞද්ගලික මැදිහත්වීම මත මෙම රැකියා අවස්ථාව උදාකර ගන්නා ලෙසටත් සියළුම ශ්‍රි ලාංකිකයින් දැනුවත් කරන මෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඔබ ආයතනය මගින් මෙයින් ඉල්ලා සිටියි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top