ධම්මික පෙරේරාත් අලුත් කාරක සභාවට…

dhammika perera

පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටවනු ලැබූ ආර්ථික ස්ථායිකරණ  කාරක සභාව සඳහා  පාර්ලිමේන්තු මන්ත්‍රී  ධම්මික පෙරේරා මහතා පත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (7) දැනුම් දුන්නේය.

මෙයට අමතරව එම කමිටුව සඳහා වෛද්‍ය ගයාෂාන් නවනන්දන මහතාද පත්කරනු ලැබ ඇත.

මෙයට අමතරව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට( කෝපා කමිටුව) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උදිතා ප්‍රියශාන්ති සහ මංජුලා  දිසානායක  යන මහත්මීහු පත්කරනු ලැබ සිටිති.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 123 විධිවිධාන ප්‍රකාරව මෙම පත් කිරීම් කර ඇත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top