සේවක වැටුප් සතිපතා ගෙවන්නැයි යෝජනාවක්

sewaka vatup

මාසික වැටුප් සතිපතා ගෙවීමට හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා යෝජනාවක් කරයි.

අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, එලෙස සිදුකිරීමෙන් දැවැන්ත මුදලක් එක්වර සොයාගැනීමේ අභියෝගය රජයට මුහුණදීමට සිදුනොවන බවය.

වැටුප් ගෙවීමත් වැටුප් ලබන්නාත් යන දෙදෙනාම ණය උඟුලේ සිරවීම ඉන් වැළකී යන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

“සතිපතා වැටුප් ලැබීමේ දී ඒ සතියට ලැබෙන්නේ ඒ සතියේ වියදම පමණක් නිසා අවසාන සතියේ දී මුදල් වියදම් වෙලා ණයට ගැනීමේ අවශ්‍යතාවය මතුවෙන්නේ නෑ. ඒ වගේම ආණ්ඩුවට වේවා පෞද්ගලික අංශයට වේවා දැවැන්ත මුදලක් එකවර සොයාගැනීමේ පීඩනය මතුවෙන්නේ නෑ. වැටුප් ගෙවන්නාත් වැටුප් ලබන්නාත් දෙන්නම ණය උඟුලේ සිරවීමේ අවධානමෙන් මුදාගැනීමට සතිපතා වැටුප් ගෙවීම පිටුවහලක් වෙනවා. ඒ වගේම ලෝකයේ බොහෝ රටවල දැන් වැටුප් ගෙවන්නේ සති පතා හෝ දෙසතියකට වරක් මිස මාස් පතා නොවන බවත් සිහිපත් කරන්න ඕනෑ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top