April 01 මෝඩයගෙ දවස හෑදුන විදිය | April 01 මෝඩයගෙ දවස ගැන මේ දේවල් ටිකත් දැනගන්න…

modayange dawasa heduna vidiya

අප්‍රේල් පළවෙනිදා කියන්නෙ කෙනෙක් ඇත්තක් කිව්වත් ඒක බොරුවක් හැටියට ගැනෙන හරි අපූරු දවසක්නෙ. ඔය එක එක්කෙනාට බොරු කිය කිය මෝඩයා කරන එක විනෝදෙට ගත්ත මේ අප්‍රේල් පළවෙනිදා මෝඩයගෙ දවස ආපු හැටි ගැන වගේම ලෝකෙ පුරාම මේ දවස සමරන්න කරපු එක එක විහිළු ගැන ඔයාල නොදන්න තොරතුරු ටිකක් ගැන කියන්නයි මේ හදන්නෙ. සමහරු මේ දවසට ඇස් රතු වෙන විහිළු කලාට සම්මතයක් විදියට කෙනෙකුට හානියක් නොවෙන විදියේ විහිළු තමයි අප්‍රේල් පළවෙනිදට ලෝකය පුරාම කරන්නෙ. හිනාවෙන් පටන් අරන් හිනාවෙන්ම අවසන් කරන දවසක් හැටියටයි අප්‍රේල් පළවෙනිදා සලකන්නෙ.

01. කොහොමද මේ මෝඩයගෙ දවස හැදුනෙ?

මේ ගැන එක එක කතා බොහොමයක් තියෙනව. යුරෝපයෙන් තමයි මේ අප්‍රේල් මෝඩයගෙ හවස ආරම්භ වෙලා තියෙන්නෙ. ජෙෆ්‍රි චෞසර් කියන කවියාගෙ පොතක 1392දී මේ ගැන මුල්ම සඳහනක් ඇති බවට කියවෙනව. ඒත් ඒ ගැන වාද විවාද බොහොමයි. ඇත්තටම අප්‍රේල් පළවෙනිදා පටන් ගත්තු හැටි ගැන නිසි සඳහනක් කොහෙවත් නැහැ. 1582දි ග්‍රෙගරි රජ්ජුරුවො ජුලියන් කැලන්ඩරේ වෙනුවට ජෝර්ජියන් කැලන්ඩරේ හඳුන්වා දීමේදී සිද්ධ උන දින පටලැවිල්ල නිසා ඒ ගැන දැනුවත් නොවීමෙන් හෝ අළුත් කැලැන්ඩරේට විරෝධය පාන්න පරණ කැලැන්ඩරේට අනුව අප්‍රේල් 1 වෙනිදා අළුත් අවුරුද්ද සමරපු මිනිස්සුන්ව “මෝඩයන්” හැටියට සලකල අප්‍රේල් 1 වෙනිදා මෝඩයගෙ දවස උනා කියලත් කතාවක් තියෙනව.

02. අප්‍රේල් මාළු

ප්‍රංශයේ මිනිස්සු අප්‍රේල් පළවෙනිදාට කාගෙ හරි පිටේ ඒ කෙනාට නොදැනෙන්න කඩදාසි මාළුවෙක් අලවල සද්දෙට කෑගහනවලු “April fish” කියල. මේ වගේ දේවල් අපි නම් කලේ පොඩි කාලෙ නේද? ඒත් අප්‍රේල් පළවෙනිදා කියන්නෙ හිනා වෙන දවසක් මිසක් කාටවත් රිද්දන දවසක් නෙවෙයි නිසා මෙහෙම විහිළුවක් සරලයි විනෝදයි.

03. විද්‍යාත්මක විහිළු

2002 වසරෙදි නාසා ආයතනය හඳේ ඡායාරූපයක් පලකරනව අප්‍රේල් පළවෙනිදාවක. නාසා එකෙන් හඳේ ඡායාරූපයක් පලකරන එක අතිශයින්ම සාමාන්‍ය උනාට ඒ පින්තූරය පලකරල ඔවුන් කියා සිටියේ හඳ චීස් වලින් හැදිච්ච කල් ඉකුත් වෙන දිනේකුත් ඇති දෙයක් කියලයි.

04. බීබීසී ජෝක්ස්

අප්‍රේල් පළවෙනිදාවක බීබීසී එකෙන් වැඩසටහනක් කරනව ස්පැගටි වගාව ගැන. ස්පැගටි ගස් වලින් කඩා ගන්න හැටිත් ඒවා අව්වේ වේලා ස්පැගටි ලබාගන්න හැටිත් තමයි මේ වැඩසටහනෙන් පෙන්නල තියෙන්නෙ. ඒ වැඩසටහනට් ලැබිච්ච ප්‍රතිචාර අනුව නම් ඇත්තටම බොහෝ දෙනෙක් ස්පැගටි ගස් වලින් කඩනව කියල රැවටිලාලු. බීබීසීය ස්පැගටි ගහ ගැන බොරු කිව්වා වගේම 1976දි ලෝක ගෝලයේ වෙනස් වීමක් නිසා ගුරුත්වාකර්ශණය අඩු වෙනව කියලත් කියල තියෙනව. මේ ගැන අහපු අසන්නො කිහිප දෙනෙක්ම ඔවුන්ට දනවල තියෙන්නෙ එහෙම ගතියක් ලාවට දැනුනා කියලලු. 😀

05. සිංහයො නාවනව බලමුද?

නෑ නෑ මේ අපේ සිංහයො නෙවෙයි ලංඩන් වල සිංහයො. ඒකත් අදක ඊයෙක නෙවෙයි 1698දි. ලංඩන් ටවර් එක ලඟදි සිංහයන් නාවන හැටි බලන්න ආපු බොහෝ දෙනෙක්ට ආපහු හැරිල යන්න වෙලා තියෙන්නෙ මෝඩයන් වෙලාලු. ඒ වගේම රැවටීමක් අවුරුදු කීපයකට කලින් ලංකාවෙත් වෙලා තියෙනව. ඒ අමුතු ජාතියේ සත්තු වගයක් දෙහිවල සත්වෝද්‍යානයට නැවෙන් ගෙනවිත් ඇති බවට පළ වුන පුවත්පත් ලිපියක් නිසා. අප්‍රේල් පලවෙනිදා අමුතු සත්තු බලන්න සූ එකට ගිය අයට මෝඩයා උන හැටි මතක ඇති නේද?

06. විහිළුවට ගත්තු අවාසනාව

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව 1946දි නිවේදනයක් නිකුත් කරනව පැසිෆික් දූපත් වලට සුනාමි තත්ත්වයක් ඇති වෙනවයි කියල. අප්‍රේල් බොරුවක් කියල හැමෝම හිතපු මේ දේ ඇත්තටම සිද්ධ වෙනව.

07. ගූගල් පටලැවිල්ල

ගූගල් සමාගම ජීමේල් එක හඳුන්වා දෙන්නෙ අප්‍රේල් පළවෙනිදාවක හවස් වරුවෙ. මේ ගැන මුලින්ම දැනුම් දීමක් කලාම මිනිස්සු හැමෝම ඒක විහිළුවක් කියල ගණන් නොගත්තට අද අපි හැමෝම පාවිච්චි කරන ජීමේල් කරළියට ආවෙ මෝඩයන්ගෙ දවසක.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top