ගුවන්යානයක සිට චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ බ්‍රිතාන්‍ය මෙහෙයුම අසාර්ථක වෙයි (Photos/Videos)

First Satellite Launch From Britain Fails

ගුවන්යානයක සිට නිකුත් කෙරෙන රොකට්ටුවක් ආධාරයෙන් චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ බ්‍රිතාන්‍ය අභ්‍යවකාශ මෙහෙයුම අසාර්ථක වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. එරට වේලාවෙන් පසුගිය සඳුදා රාත්‍රියේදී මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.මෙහිදී චන්ද්‍රිකා නවයක් කක්ෂගත කිරීම සැලසුම විය. ඒ අනුව මෙම චන්ද්‍රිකා නියමිත කක්ෂයට පත්වීමට අපොහොසත් වූ බව සදහන් වෙයි. එක්සත් රාජධානියේ සුප්‍රසිද්ධ Virgin සමාගමට අයත් Virgin Orbit සමාගම මගින් මෙම අභ්‍යවකාශ මෙහෙයුම සැලසුම් කර තිබුණි. එහිදී Virgin Atlantic සමාගමට අයත් විශේෂයෙන්ම සකස් කළ  බොයිං 747 ජම්බෝ බෝ ජෙට් මාදිලියේ ගුවන්යානයක් මගින් මෙම චන්ද්‍රිකා රැගත් LauncherOne රොකට්ටුව කක්ෂගත කිරීම සිදුවිය.

Cosmic Girl ලෙසින් හැඳින්වුණු මෙම ගුවන්යානය කෝන්වෝල්හි පිහිටි ගුවන්තොටුපොළෙහි සිට ගුවන් ගතවී පැයකට පමණ පසුව, එනම් ගොඩබිම සිට අඩි 35,000ක් පමණ ඉහළදී එහි සවිකර තිබූ මෙම රොකට්ටුව ඉන් නිකුත්වීම සිදුව තිබේ. එහිදී පැයට සැතපුම් 8,000ක පමණ ත්වරණයක් ලබාගෙන ඇති රොකට්ටුවේ පළමු වැනි අදියර සාර්ථක ලෙස ක්‍රියාත්මක වී ඇති අතර, චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ දෙවැනි අදියර ක්‍රියාත්මකවීම යම් දෝෂයක් නිසා අසාර්ථක වී ඇත. මේ හේතුවෙන් එම චන්ද්‍රිකා නිසි කක්ෂයට රැගෙන යාමට අපොහොසත් වී තිබේ.ඒ අනුව, මෙම මෙහෙයුමේ අසාර්ථකවීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව එක්සත් රාජධානියේ අභ්‍යවකාශ පර්යේෂණ බලධාරීන් සහ Virgin Orbit සමාගම පවසයි.

මෙම චන්දිකා කක්ෂගත කිරීම සඳහා ගුවන්ගත වුණු Cosmic Girl යානය පසුව නිරුපද්‍රිතව ගොඩබස්සවා තිබේ.මෙම අවස්ථාව නැරඹීම සඳහා ටිකට්පත් ලබාගත් 2,000ක පමණ පිරිසක් එම ගුවන්තොටුපොළට පැමිණ සිටියහ. මෙලෙස බලාපොරොත්තු සුත්වූ මෙහෙයුමෙන් අනතුරුව එම මෙහෙයුම සඳහා දායකත්වය ලබාදුන් කාර්යමණ්ඩලය දැඩි සංවේදීතාවට පත්වූ බවත් වාර්තා පවසයි.

hkkh
Virgin Orbit Image 02
Virgin Orbit rocket launches 1
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top