කිම් කාර්ඩෂියන් වගේ වෙන්න ප්ලාස්ටික් සැත්කම් කරන්න ගිය නිරූපිකාව මරුට…

kim and Ashten

හොලිවුඩයේ ආකර්ෂණීයම කාන්තාවක ලෙස සැලකෙන කිම් කාර්ඩෂියන් අනුකරණය කිරීමට හා ඇය වාගේ වෙන්නට උත්සාහ දරන්නන් බහුලය. ඇමරිකාවෙන් ඊයේ අසන්නට ලැබුණ කණගාටුදායි පුවතක් වූයේ කිම් කාර්ඩෂියන් වාගේ වෙන්නට සිතා ප්ලාස්ටික් සැත්කමක් සිදු කළ
Ashten G නමැති නිරූපිකාවක සැත්කමින් පැය කිහිපයකට පසු ඇමරිකාවේ කැලිෆෝනියාවේ රෝහලකදී මිය ගිය බවයි.

මියගිය 34 හැවිරිදි කාන්තාවගේ සැබෑ නම Christina Ashten Gourkani විය. ඇය සැත්කමෙන් සුවය ලබමින් සිටියදී හදිසි හෘදයාබාධයකට ලක්ව මියගියාය. රෝහල පවසා ඇත්තේ සැත්කමේ අතුරු බලපෑමක් මත මරණය සිද්ධවී ඇති බවයි.
ඇය කිම් වාගේ වෙන්නට සිතා ඇගේ අවයව විශාලනය කිරීමට හා වෙනස් කිරීමට සැත්කම් කිහිපයක්ම සිදුකරගෙන තිබුණ බවත් මරණයට පෙර සිදුකළ සැත්කමද ඉන් එකක් බවත් වාර්තා විය.
මෙම මරණයෙන් පසු ඇගේ පවුලේ අය පැවසුවේ “වෛද්‍ය ක්‍රියා පටිපාටිය නරක අතට හැරුණු” බවයි.
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දැන් මැයි 4 වැනිදාට පැවැත්වීමට දින යොදා ඇති අතර අවසන් කටයුතු සිදුකිරීමට ප්‍රමාණවත් මුදල් හිඟවීමෙන් ඔවුන් ‘ගෝ ෆන්ඩ් මී‘ නමැති ඇමරිකානු අන්තර්ජාල පරීශීලකයන්ගෙන් ආධාර එකතුකිරීමේ පුණ්‍යාධාර සේවයට සම්බන්ධවී මුදල් රැස් කිරීමටද යොමුවී තිබේ. මෙම මරණය සම්බන්ධ විස්තරද එම පිටුවක සටහන්ව ඇත.

yititi
attachment ashten gourkani
onlyfans star kim kardashian lookalike 812777836
An OnlyFans star and Kim Kardashian lookalike has died of a massive heart attack hours after undergoing a plastic surgery procedure., , Christina Ashten Gourkani, a 34-year-old American model who went by Ashten G online, died in hospital last Thursday while she was recovering from the operation., , Taken without permission: https://www.instagram.com/ashtens_empire/?hl=en
Christina Ashten Gourkani OnlyFans Model and Kim Kardashian Look Alike Dead at 34 1200x1200 1
Christina Ashten Gourkani before surgery
kim kardashian
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top