කැනඩාවේ ටික්ටොක්වලට තහනමක්

Canada is reportedly banning TikTok

රජය විසින් නිකුත් කරන ලද සියලුම උපාංගවලින් ටික්ටොක් යෙදවුම් භාවිත කිරීම තහනම් කිරීමට කැනඩාව පියවර ගෙන තිබේ.

අද (28) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සඳහා පිළිගත නොහැකි මට්ටමේ අවදානමක් පවතින බැවින් එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

අමෙරිකා එක්සත් ජනපදය ද ෆෙඩරල් සේවකයින්ට පසුගිය වසර අගභාගයේදී ටික්ටොක් භාවිතය තහනම් කළ අතර පසුගිය සඳුදා දිනයේ ඔවුන්ගේ රජයේ ආයතනවල අදාළ යෙදුම ඉවත් කිරීම සඳහා දින 30ක කාලයක් ලබාදී තිබේ.

මීට අමරතව යුරෝපා කොමිසමේ සේවකයින් සඳහා ද මාර්තු මස 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ටික්ටොක් යෙදුම තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top