ෂාස්ටර් DNA අමුතු නිසා ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ සේවක DNA කැඳවයි…

dinesh shafter update

මරණයට පත්වූ ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කළ අවස්ථාවේ එහි සේවය කළ හෙද නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ දස දෙනකුගේ ඩී.එන්.ඒ. වාර්තා  කැදවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඊයේ (26) ඉල්ලීමක් කළේය.
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනෙෂ් ෆ්ටර් මහතාගේ මරණයට අදාළව රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ නඩු භාණ්ඩවල මරණකරුට අමතරව ආගන්තුක ජෛව සාම්පල් (ඩී. එන්.ඒ) දෙකක් ඇතුළත් වූ බවට රස  පරික්ෂක වාර්තාවේ සඳහන් වූ බැවින්  ඒවා කාගේදැයි සැසඳීම සඳහා මෙම ඩී.එන්.ඒ. වාර්තා කැඳවිය යුතුව ඇතැයි  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මරණකරුගේ ගෙලේ තිබූ කේබලයේත්, මරණකරුගේ දෑත ගැට ගසා තිබූ ස්ලිප් පටියේත් සහ මරණකරු භාවිත කළ වතුර බෝතලයේත් මෙම ආගන්තුක ඩී.එන්.ඒ. රටා තිබූ බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් හඳුනාගනු ලැබ  තිබූ බවට අධිකරණයේ දී කරුණු වාර්තා විණි.
එම ආගන්තුක ඩී.එන්.ඒ. රටා හඳුනා ගැනීම සඳහා මේ වනවිට පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ඩී.ඒ.එන්. වාර්තා කැඳවා තිබුණද ඒ කිසිවක් මරණකරුගේ ජෛව සාම්පල සමග නොසැඳුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් නඩු දිනයේ දී අධිකරණයට දැනුම් දි තිබිණි.

ඒ අනුව දිනේෂ් ෂාෆ්ටර්  මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කළ අවස්ථාවේ එහි සේවය කළ හෙද නිලධාරීන් ඇතුළු  කාර්ය මණ්ඩලයේ දස දෙනකුගේ ඩී.එන්.ඒ. වාර්තා කැඳවීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක්  නිකුත්  කරන ලෙසට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අධිකරණයෙන් එලෙස ඉල්ලා සිටියේය.

එම මෝසම සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීම වෙනත් දිනයකට කල් තැබීය.  මේ අතර ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ ඩී.එන්.ඒ.  වාර්තා කැඳවීමට ද අධිකරණය  ඉකුත් 24දා නියෝගයක් නිකුත් කළේ මෙම සිද්ධියට අදාළව අධිකරණයෙන්  පත්කළ කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව  පිළිබඳ මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විද්වත් මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඉල්ලීම මතය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top