Samsung සමාගම තම පාරිභෝගිකයින්ට වන්දි මුදල් ගෙවිමට තිරනය කරයි

samsung company

තම පාරිභෝගිකයින් වෙත Samsung සමාගම මුදල් ගෙවීමට තීරණය කර ඇති පුවතක් ඔස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කර තිබේ.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ Samsung Australia සමාගම විසින් මෙම තීරණය ගෙන ඇති බවය.

දකුණු ඔස්ට්‍රේලියාවේ සිය පාරිභෝගිකයින් වෙනුවෙන් Samsung Australia මෙම තීරණය ගෙන ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ එම ප්‍රදේශය ආශ්‍රිතව Samsung පාරිභෝගිකයින්ගේ ජංගම දුරකථනවල මෘදුකාංග යාවත්කාලීන කිරීමක් හරහා එම දුරකථනවල ඡායාරූප ආදී පෞද්ගලික දත්ත මැකී යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවය.

ඒ අනුව සිදුකළ විමර්ශනවලට අනුව Samsung Australia සමාගම සිය පාරිභෝගිකයින් වෙත මෙලෙස වන්දි මුදල් ලබාදීමට සැරසී ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙම මෘදුකාංග යාවත්කාලීන කිරීම හරහා ඡායාරූප, වීඩියෝ, සහ දුරකථන අංකද මැකී ගොස් ඇති බව එම වාර්තා සඳහන් කර සිටී.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top