හිටපු අටමස්ථානාධිපතිගේ රථවල අයිතිය ඉල්ලා ව්‍යාපාරිකයෙකු අධිකරණයට

atamasthanadipathi

හිටපු අටමස්ථානාධිපති අපවත්වී වදාළ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් පරිහරණය කළ අධි සුඛෝපභෝගි ජීප් රථ දෙකක අයිතිය තමන්ට පවරා දෙන ලෙස ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙකු අධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

ඒ අනුව අදාළ නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අනුරාධපුර වත්මන් අටමස්ථානාධිපති හිමියන් ඇතුඑ භික්ෂූන් වහන්සේ තිදෙනෙකුට සහ අටමස්ථාන කාරක සභාවට පෙබරවාරි මස 8 වන දින අධිකරණය හමුවේ පෙනීි සිටින ලෙසට නියෝග කරමින් අධිකරණය සිතාසි නිකුත් නිකුත් කර ඇත.

සිරිනිවාස හිමියන් පියෙකු මෙන් රැක බලා ගත්තේ තමන් බවත් සිරිනිවාස හිමියන්ගේ වාහන තම නිවසේ රඳවා තැබීම උන් වහන්සෙගේ කැමැත්ත සහ පුරුද්ද බවට පත්ව තිබූ බවත් පෙත්සම්කාර ව්‍යාපාරිකයා එම පෙත්සම මගින් අධිකරණයට පවසා ඇත.

අටමස්ථානධිපතිව සිටි පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් සමග තමා වසර 19 ක කාලයක් කිට්ටු ඇසුරක් පවත්වා ගෙන ගිය බවද පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට දන්වා තිබේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top