මව කුවේට් ගිහාම දියණිය ගැබිනියක කළ පියාට වසර 48ක සිරදඬුවමක්

no rape

සිය දියණිය අපයෝජනය කර දරුවෙකු ලැබීමට සැලැස්සීමේ චෝදනාවට වරද පිළිගත් පියෙකුට කෑගල්ල මහධිකරණ විනිසුරු ජයනි ද අල්විස් මහත්මිය පෙරෙදා (26දා) වසර 48ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළාය. මාවතගම, කහපත්වල  පදිංචිව සිටින 52 හැවිරිදි තිදරු පියෙකුට මෙසේ සිර දඬුවම් නියම කෙරිණි.

වින්දිත දැරිය රුවන්වැල්ල ඉඹුලාන ප්‍රදේශයේ මවුපියන් බාල සහෝදරයා සහෝදරිය සමග පදිංචිව සිටි අතර පියා කුලී වැඩ කරුවෙකි. දැරියට වයස අවුරුදු 13ක් පමණ වූ අවස්ථාවේ දී මව කුවේට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක ලෙස පිටත්ව ගොස් තිබේ. නිවසේ සිට ඇත්තේ පියා බාල සහෝදරයා සහෝදරිය හා වින්දිත දැරිය පමණි. 2010 අප්‍රේල් 01වැනිදා සිට දෙසැම්බර් 16වැනිදා දක්වා කාලය තුළදී අවස්ථා ගණනාවක දී පියා විසින් 14 හැවිරිදි දියණිය අපයෝජනය කර ඇති අතර දැරියට දරුවෙකු බිහිවීමට ඇති බව හදුනාගෙන තිබේ
පසුව මව යළි නිවසට පැමිණිය ද දැරියට දරුවෙකු බිහි වීමට හේතුව පියා බව මව සමග ප්‍රකාශ කර නොතිබුණු බවට ද අධිකරණයේ දී කියැවිණි.

පසුව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියට ලද තොරතුරකට අනුව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය දැරියගෙත් දරුවෙකු බිහිකිරීමට ඇද්ද යන්න පිළිබඳ විමසීමක් සිදු කර  රුවන්වැල්ල පොලීසියට පැමිණිලි කර තිබුණි. සැකකාර පියා අත්අඩංගුවට ගෙන රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි. දැරිය කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ආබාධිත දරුවෙකු බිහි කර තිබිණි.

පසුව රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයකින් අනතුරුව නීතිපතිවරයාට යොමු කොට අධිචෝදනා තුනක් යටතේ සබරගමුව පළාත්බද කෑගල්ල මහධිකරණයට යොමු කොට තිබුණි. ඊයේ 26වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ දී සැකකාර පියා අධිචෝදනා තුනටම වැරදිකරු බව විවෘත අධිකරණයේ ප්‍රකාශ කිරීමෙන් පසුව ඉහත දඩ මුදල් බරපතළ වැඩ සහිත සිරදඬුවම් හා වන්දි මුදල් ගෙවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

වින්දිත දියණියට ලක්ෂ පහක වන්දි මුදලක් ද ගෙවන ලෙසද විනිසුරුවරිය නියෝග කළාය.

පළමු, දෙවැනි, තෙවැනි චෝදනාවලට වෙන් වෙන්ව රුපියල් 10,000 බැගින් රුපියල් 30,000ක දඩ මුදලක් ද දඩ මුදල් නොගෙවන්නේ නම් වසර බැගින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමක් ද නියම කළ මහාධිකරණ විනිසුරු ප්යකි ද අල්විස් මහත්මිය ඊට අමතර එක් එක් චෝදනාවට වසර 16 බැගින් බරපතළ වැඩ සහිත වසර 48ක සිරදඬුවමක් නියම කළාය. සිරදඬුවම් එකවර ගෙවී යන ලෙසත් සිරදඬුවම් ගෙවී යාමෙන් පසුව වින්දිත දියණියට රුපියල් ලක්ෂ පහක වන්දි මුදල් ද වන්දි මුදල් නොගෙවන්නේ නම් වසර පහක බරපතළ වැඩසහිත සිරදඬුවමක් ද නියෝග කළාය.

 පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ රසාංගි තිලකරත්න විත්තිකරු වෙනුවෙන් නීතිඥ සමන්ත ප්‍රේමවර්ධන අධිකරණයේ පෙනී සිටියේය.

 චමින්ද ජයලත්

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top