මිනුවන්ගොඩ ඝාතකයාට ලැබුණු රුපියල් 5000 කුලිය

gathanayata labunu mudal

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කුලී රථ රියදුරෙකු ඉංගිරියේදී අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

ඔහුට ඒ වෙනුවෙන් ප්‍රධාන සැකකරු ලබාදී ඇත්තේ රුපියල් පන්දහසක් පමණක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

දෙඅත් පිටුපසට කර, කට ගැට ගසා එම කුලී රථ රියදුරුට පහර දී අනතුරුව පුවත්පතක පිටු හතරක්  මුවට ඔබා ගෙල මිරිකා ඔහුව ඝාතනය කර ඔහු පැදවූ රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථය කොල්ලකා තිබුණේ ඉකුත් දෙසැම්බර් මස 15 වනදා ය.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට නෝනගම ප්‍රදේශයේදීය.

සැකකරු සන්තකයේ තිබී ඝාතනයට ලක්වූ රියදුරාගේ රියදුරු බලපත්‍රය ගමන් බෑගය, විදේශීය මුදල් කිහිපයක් මෙන්ම ඉකුත් දෙසැම්බර් එකොළොස් වනදා සති අන්ත පුවත්පතක අතිරේක කොටසක පිටු 10ක් සොයාගත් බව පොලීසිය කීය.

මේ වනවිට එම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ඝාතනයට ලක්වූයේ මිනුවන්ගොඩ, ගල්ලොලුව හරස් පාර පදිංචිව සිටි අශෝක බණ්ඩාර (48) නමැති එක් දරු පියෙකි.

අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේ පදිංචිව සිටින සැකකරුවන් ඉකුත් 14 වනදා එම ප්‍රදේශයෙන් බස් රථයට නැග පිටත්ව ඇත්තේ මෝටර් රථයක් පැහැරගෙන එය කොටස් කර අලෙවි කර මුදල් සොයාගැනීමට සැලසුම් කරමින් බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වීය.

සැකකරුවන් සිව්දෙනා රත්නපුර නගරයට පැමිණීමෙන් අනතුරුව නුගේගොඩ ප්‍රදේශයේ වාහන කුලී පදනම මත ලබාදෙන සමාගමකට දුරකථනයෙන් අමතා කටුනායක ගුවන්තොටුපල වෙත යාම සඳහා මෝටර් රථයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබූ බව පොලීසිය කියයි.

ඒ අනුව ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ දුරකතනයට ඇමතුමක් ගත් එම සමාගම රත්නපුර නගරයට යන ලෙස කරන ලද දැනුම්දීම අනුව ඝාතනයට ලක්වූ අශෝක බණ්ඩාර යන අය රාත්‍රී 8.45 ට පමණ රත්නපුර නගරයට පැමිණ තිබිණි.

එම අවස්ථාවේදී සැකකරුවන් මෝටර් රථයට ගොඩවී ඇති අතර කටුනායක ගුවන්තොටුපල වෙත යාමට අවශ්‍ය බවට පැවසීමෙන් අනතුරුව රියදුරු අශෝක බණ්ඩාර ඉංගිරිය හොරණ හරහා ගැලනිගමට පැමිණ අධිවේගී මාර්ගය ඔස්සේ යමු යැයි සැකකරුවන්ට අමතා පවසා තිබූ අතර එයට සිය එකඟතාවය ලබාදී තිබූ බවද සැකකරුවන්ගේ ප්‍රකාශවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.

අනතුරුව පාලු ප්‍රදේශයකදී සැකකරුවන් රියදුරුව ඝාතනය කර තිබූ බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබුණි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top