PUCSL සභාපති දැඩි තීරණයක | කොමිසමේ සභාපති ජනක රත්නායකට බලපෑම්

pucsl

මහජන උපයෝගීතා කොමිසම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවෙන් ඉවත්වන ලෙස සිය සාමාජිකයන් දෙදෙනෙකු දැනුම්දී ඇතැයි එහි සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඉයේ (07) පැවති මාධ්‍ය හමුවකදී ජනක රත්නායක මහතා සඳහන් කළේ එල්ලවන දේශපාලන බලපෑම් එම තීරණයට බලපා ඇති බවය.

එම නඩුකරය ඉවත් කරගන්නා ලෙස කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු වන චතුරිකා විජේසිංහ සහ අලුතින් කොමිසමට පත්වූ ඩග්ලස් නානායක්කාර යන සාමාජිකයන් ලිඛිතව දැනුම්දී ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එලෙස අද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය.

කෙසේවෙතත් මහජන උපයෝගීතා කොමිසම නඩු පැවරීමට ඒකමතිකව ගත් තීරණය කුමන දේශපාලන බලපෑමක් එල්ල වූවද ඉවත්කර නොගන්නා බවද ඔහු කියා සිටියේය.

මේ අතර රුපියල් බිලියන 45 කට ආසන්න හිඟ මුදලක් මෙතෙක් නොගෙවීමට විරෝධය පළ කරමින් 
පුනර්ජනනීය බලශක්ති බලාගාර හිමියන් අද බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top