කාන්තාවන්ට පිරිමි සහ පිරිමින්ට කාන්තාවන් ඈල්ලිම තහනම් – සම්බාහනයට අලුත් නීති (ආයුර්වේද කොමසාරිස් ජෙනරාල්)

sambahanaya

පිරිමින්ට පිරිමි සහ කාන්තාවන්ට කාන්තාවන් පමණක් සම්බාහන රාජකාරියේ නිරත වීමට හැකි වන ලෙස නව නීති සම්පාදනය කිරීමට තීරණය කර ඇති බව ආයුර්වේද කොමසාරිස් ජෙනරාල් ධම්මික අබේගුණවර්ධන මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ ඒඩ්ස් ඇතුළු ලිංගාශ්‍රිත රෝග බහලුව සම්බාහන මධ්‍යස්ථාන හරහා ව්‍යාප්තවීම හේතුවෙන් මෙම නව නීති සම්පාදනය කරන බවයි.

මේ අනුව සම්බාහන මධ්‍යස්ථාන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු අතර පළපුරුදු වෛද්‍යවරයෙකු අනිවාර්ය විය යුතුයි.

ඊට අමතරව සම්බාහන කටයුතු නිරත වන කාර්ය මණ්ඩලය වෘත්තීයමය දැනුමකින්, පුහුණුවකින් හෙබි විය යුතු බවයි කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top