අපලයක් දුරු කරගන්න දෙවොලකට ගෙන ගිය දැරියකට කපුවා බරපතළ ලිංගික අපයෝජන කරලා. මිත්යාව පසුපස යන දෙමව්පියන්ගේ මෝඩකමට මෙහෙම දරුවන් විනාශවිය යුතුද?

kapuwa dushana

අපලයක් දුරු කිරීම සඳහා ශාන්තිකර්මයක් කර ගැනීමට දොම්පේ ප්‍රදේශයේ දේවාලයකට රැගෙන ගිය අවුරුදු 12ක් පමණ වයසැති දැරියක එම දේවාලය තුලදී බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන එහි කපුවා දොම්පේ පොලිසිය විසින් 14 දින අත්අඩංගුවට ගනු ලැබීය.මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ තිස්හත් හැවිරිදි අයෙකි. දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට රෝහල් ගත කරනු ලැබුවාය. කපුවාගෙන් සිදු වූ බව කියන අතවරය ගැන දැරිය පියාට ඒ අවස්ථාවේම පවසා ඇතත් ඔහු ඒ ගැන නොසලකා හැර ඇති බවට තොරතුරු පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

මේ බව හෙළිවීමෙන් පසු දැරියගේ පියාද පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය

සැකකාර පියා දියණියට ඇති බව කියන අපලය දුරුකර ගැනීම සඳහා ශාන්තිකර්මයක් කර ගැනීමට සහ නිවසට දේව ආරක්ෂාව ලබාගැනීමට දියණිය ද කැටුව දොම්පේ ප්‍රදේශයේ පිහිටි දේවාලයකට ගොස් ඇත. දැරියට ඇතැයි කියන අපලය දුරු කරන බව කියා කපුවා ඇය පමණක් දේවාලය ඇතුළට කැඳවා ගෙන ඇතැයි පොලිසිය පවසයි. අපලය දුරු කරනවා යැයි කියා දෙවියන්ට කන්නලව් කරමින් පැයක පමණ කාලයක් ඇය එහි රඳවා ගෙන ඇය අවස්ථා තුනකදී ලිංගික අපයෝජනයකට ලක්කර ඇතැයි පොලිසිය කියයි.

දැරිය තමාට සිදුවූ අතවරය ගැන මවට පැවසීමෙන් පසුව මව මේ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි කර ඇත. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙම පැමිණිල්ල දොම්පේ පොලිසියට යොමු කිරීමෙන් පසුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් නිලධාරීහු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා හෙළි තොරතුරු මත කපුවා සහ දැරියගේ පියාද සැකපි අත්අඩංගුවට ගත්හ.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top