මගෙ පස්සෙන් එන පිරිමින්ට කොල් කරලා දෝණිගෙන් ඈත් වෙයන් කියලා තර්ජනය කරනවා – සජී මොහොට්ටිගේ…(PHOTOS)

sajee mohottige

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ‘හීනයකි මේ ආදරේ’ ටෙලි නාට්‍යය හරහා රංගන ශිල්පිනියක් ලෙසින් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර කළා ශිල්පිනියක් තමයි සජී මොහොට්ටිගේ කියලා කියන්නේ. ඒ වගේම ඇය නිවේදිකාවක් විදිහට අපේ රටේ අතිශය ජනප්‍රිය බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

ඉතින් මියුසික් වීඩියෝ හරහාත් නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඇය රඟපාන්න ආස නිසා රංගන ක්ෂේත්‍රයට ආවට නිවේදන කටයුතු පැත්තකින් තියලා නම් නැහැ කියලයි ඇය කියන්නේ.

හැබැයි ඇය මේ දවස්වල ගොඩක් ආසාවෙන් වගේම සතුටින්ම කරන දේ තමයිලු රඟපෑම කියන්නෙ. ඒ වගේම කලින් ඉඳලම ගොඩක්දෙනා ඇයගෙන් අහපු දෙයක් තමයිලු ඇයි ඇය රංගන ක්ෂේත්‍රයට එන්නෙ නැත්තෙ කියලා. ඉතින් ඒ නිසාම ඇය නිළියක් වෙලා රඟපානකන් බලාගෙන හිටපු හැමෝගෙන්ම මේ දවස්වල ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයට ගොඩක් සතුටුයිලු ඒ විදිහෙ ප්‍රතිචාර ලැබෙන එක ගැන.

කොහොම නමුත් නිවේදන කටයුතු තමයිලු ඇයගේ අංක එක. ඉතින් මේ වෙද්දි ඇයට තවත් ටෙලි නාට්‍යයවලට ආරාධනා ලැබුනත් නිවේදන කටයුතු එක්ක සමබර කරගෙන රංගන කටයුතු කරන්න ඕන නිසා ඒ ආරාධනාවලට තාම උත්තර දුන්නෙ නැහැ කියලත් සජී කියනවා. ඒ වගේම ගොඩක් දෙනෙක් නිතරම ඇයගෙන් අහන ප්‍රශ්නයක් තමයිලු ඇය කොහොමද ඇඟ ලස්සනට තියාගෙන ඉන්නෙ කියලා.

ඉතින් මොන වැඩේ තිබුණත් ඇය හැමදාම විනාඩි 40ක් ව්‍යායාම කරනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම මාධ්‍යය වෘත්තියේ වැඩ කටයුතු එක්ක සමහර දවස්වලට ඇය ගෙදර එන්න රෑ වුනත් එහෙම රෑවෙලා ගෙදර ආපු දාටත් ව්‍යායාම කරලා තමයිලු ඇය නින්දට යන්නෙ. ඒ නිසා ඇයගේ ඇඟ සිහින්වෙලා ලස්සනට හැදිලා තියෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය ඉස්සර හිටපු විදිහයි දැන් ඉන්න විදිහයි සංසන්දනය කරලා හදපු ඡායාරූපයක් සමාජ මාධ්‍යයවල ප්‍රසිද්ධ කරලා සමහරු කියන්න උත්සාහ කළාලු ඇය ලස්සන වෙලා තියෙන්නෙ කෘතිම ක්‍රමවලින් කියලා. ඉතින් ඕනෑම කෙනෙක් හැමදාම එකම විදිහට ඉන්නෙ නැති නිසා කාලෙත් එක්ක ඇඟපත, ඇඟේ පාට වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක් කියලයි ඇය කියන්නේ.

කොහොම නමුත් ඇයට ඒ ඡායාරූප ගැන දුකක්වත් තරහක්වත් හිතුණෙ නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ඇත්තටම ඇයට ආඩම්බර හිතුණාලු ඉස්සරට වැඩිය ඇය දැන් ලස්සනවෙලා තියන එක ගැන. ඒ වගේම ආදරය කියන්නෙ විඳින්න ඕන දෙයක් නිසා විඳිනවද විඳවනවද කියන එක තීරණය වෙන්නෙ තෝරගන්න කෙනා එක්ක කියලයි ඇය කියන්නේ. ඒ නිසා ආදරය කරන්න කෙනෙක් තෝරගනිද්දි හොදට හිතලා තෝරගන්න ඕන කියලත් ඇය කියනවා.

ඉතින් ඇයට දැන් ප්‍රේම ආරාධනා නම් ඕන තරම් එනවාලු. ඒ අතර අඳුරන්නෙවත් නැතිව ඇයට ආදරය කරන අය ඉන්නවා කියලත් ඇය කියනවා. සමහරු ඇය ආශ්‍රය කරන පිරිමි යාළුවන්ට කතාකරලා ඇයගෙන් ඈත්වෙලා ඉන්න කියලා තර්ජනය කරන අවස්ථාත් තියනවා කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇයව තේරුම් අරන් ඇයගේ ගමනට සහයෝගය දෙන ආදරණීය කෙනෙක් හම්බවුණොත් ඇය ඔහුව පෙම්වතා කරගන්නවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.(උපුටාගැනීමක්)

322402223 590369879572276 5923045725829967108 n
290758302 554006379546760 8505735333196931242 n
313424301 639094007704663 767653534136444516 n
314774938 643510863929644 501669623470620216 n
320994401 2210792739092682 1401513150494905503 n
321398057 815779329516596 6222082578093668439 n
321487334 712199767117879 3193072106300946815 n
322705573 739161717540850 1948201178609384367 n
324743077 1123003978373372 7908239269922926507 n
324659235 852241419391901 6748756436807273496 n
325207026 854145262521419 7836408149614212118 n 1
325234741 832643997797118 3716285356425826478 n
325249394 845755993374963 5541666243274295543 n
325401357 3005571289736374 1912338533474918044 n
325421621 1325128171656645 8469345679595938260 n
325594011 557675009586292 8344452836871665813 n
326760129 569582651412157 2866198445332306082 n
326751465 2017644188627447 191276534291060446 n
327095984 1229163167979537 864131414809484271 n
330159142 938961277464400 5772383401059777809 n
279144987 513365396944192 1043807615148534322 n
331299654 580772354094570 828259121785575902 n
331959196 512344280823184 1982010142180192824 n
333015105 541249078073951 502475863392545580 n
334654952 229602962842218 7292743005135995090 n
331919671 5664719893654976 5260251339331427358 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top