බදු ප්‍රතිපත්තියේ වෙනසක් කිරීමට සැරසෙයි

tax

පවතින ආර්ථික තත්ත්වයෙන් රට ගොඩගැනීමට කෙටිකාලීන ක්‍රමෝපායක් ලෙස පුද්ගල ආදායම මත බදු පැනවීම සිදුකළ බවත්, මෙම නව බදු ක්‍රමය ආසියාතික රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉතා අඩු ප්‍රතිශතයක් බවත් මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය කපිල සේනානායක මහතා පවසයි.

උපයන විට අය කරන නව බදු ප්‍රතිපත්තිය පිළිබඳ වෘත්තිය සමිති නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීමට පෙරෙදා (06) මුදල් අමාත්‍යාංශ්‍ය ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමකදී ඔහු මේ අදහස් පළ කළේය.

ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, නව බදු ක්‍රමය සම්බන්ධව වෘත්තිය සමිති නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ අදහස් සහ යෝජනා සැලකිල්ලට ගනිමින් යම් සහනයක් ලබාදීමට හැකි කෙටිකාලීන ක්‍රමෝපායන් පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව තිබෙන බවය.

මෙම බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන සේවකයින් අතර යම් ගැටලුකාරි තත්ත්වයක් පැන නැගී ඇති බවත්, ඒ නිසා ඔවුන් පත්වී ඇති අපහසුතාවය හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට පැමිණ ඇති බවත් ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා මෙහිදී පෙන්වාදී තිබුණි.

මතුවී ඇති ගැටලුවලට ගතහැකි කඩිනම් විසඳුම් හා යෝජනා මෙම සාකච්ඡා තුළින් ලබාගෙන කඩිනම් කෙටිකාලීන විසඳුම් යෝජනාවක් ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

“මේ රාජ්‍ය සේවාවේ ඉන්න ලක්ෂ 15කින් මේ බදු කියන කාරණය අදාළ වෙන්නේ 5% වගේ කණ්ඩායමකට. නමුත් බදු අදාළ නැති අයත් එළියට බැහැලා බදු සංශෝධනය කරන්න කියලා ඉල්ලනවා. අද දවසේ විශේෂයෙන්ම මුදල් අමත්‍යාංශයත් දේශීය අදායම් දෙපාර්තමේන්තුවත් සාකච්ඡා කරලා තීන්දුවක් අරගෙන තියෙනවා මේ බදු ප්‍රතිපත්තියේ යම් වෙනස්කම් කරන්න.  මුල්‍ය නොවන අදායම්වලට අදළාව අයකරන බදු සංශෝධනය කරන්න තීරණයක් තියෙනවා. ඒ සංශෝධනය කිරීමේ තීරණය හෙට රජයක් විදිහට අනුමත කරයින් පස්සේ නිකුත්වන්නට නියමිතව තිබෙනවා. වෘත්තීය සමිතිවලින් ඉල්ලන්නේ ආණ්ඩුව සහන දෙන්න ලෑස්තියි. ඒ ගැන සාකච්ඡා කරලා විරෝධ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න එක හොඳයි.”

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top