AI – කෘතිම බුද්ධියේ මීළඟ පෙරළිය | මානසික රෝගී ප්‍රතිකාර කෘතිම බුද්ධිය විසින්…

ai technology next step
lg.php?bannerid=0&campaignid=0&zoneid=633&loc=https%3A%2F%2Fnethnews.lk%2Farticle%2F104405&referer=https%3A%2F%2Fnethnews

කෘතිම බුද්ධිය, ඒ අයි තාක්ෂණය, චැට් ජී ටී පී යනු මේවනවිට තාක්ෂණික  ලෝකයේ දිනෙන් දින අලුත් පුවත් මවන උණුසුම් මාතෘකාවක්.

මේවනවිට ඒ පිළිබඳ යළි කතාබහක් මතුව ඇත්තේ මෙතෙක් වෛද්‍යවරුන් සතුව තිබූ මානසික රෝගී ප්‍රතිකාර කෘතිම බුද්ධිය විසින් අත්පත් කර ගැනීමේ නවතම තාක්ෂණය හේතුවෙන්. 

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ කෘතිම බුද්ධියේ මීළඟ පෙරළිය මානසික සෞඛ්‍ය සේවය වනු ඇති බවයි.

එහෙත් අති සංවේදී මාතෘකාවක් වන එය කෙතරම් සදාචාරාත්මක දැයි සහ ප්‍රායෝගික දැයි ඇතැම් පාර්ශව ප්‍රශ්න කරනවා.

කෙසේ වෙතත් දැනටමත් බොහෝ පිරිසක් තමන්ට ඇති මානසික ගැටලු පිළිබඳ කෘතිම බුද්ධියෙන් නිර්මාණය වූ වෙබ් අඩවි හරහා ප්‍රතිකාර අපෙක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

තමන් මුහුණ දෙන මානසික තත්ත්වය පිළිබඳ දත්ත අදාළ වෙබ් අඩවි වෙත ඇතුළත් කිරීමෙන් පසු තමන් මේ මොහොතේ කළ යුතු උපදෙස් මාලාවක් අදාළ වෙබ් අඩවි හරහා ලබා දීම සිදු වනවා.

මෙම තත්ත්වය හේතුවෙන් ඇතැම් පිරිස් මනෝ වෛද්‍යවරයෙකු හෝ උපදේශකවරයෙකු වෙත නොයා නව තාක්ෂණය හරහා සිය ගැටලු වලට විසඳුම් සොයන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහෙත් කෘතිකම බුද්ධියෙන් නිර්මාණය වූ වෙබ් අඩවි නිර්මාණකරුවන් පවසන්නේ මෙය මනෝ විශේෂඥයෙකු හෝ උපදේශකයෙකු වෙනුවට ආදේශකයක් නොවන බවයි. 

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top