විශ්‍රාමික ජනපති ගෝඨාභයට රජයේ මාසික වියදම දහතුන් ලක්ෂයක්…

gotabaya rajapaksa monthly salary

ගෝඨාභය රාජපක්ෂ මහතාට විශ්‍රාමික ජනාධිපතිවරයකු වශයෙන් රුපියල් දහතුන් ලක්ෂ විසි නව දහස් තුන්සිය අසූ හතක (රුපියල් 13,29,387) මුදලක් රජයෙන් මාසිකව වැය කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි. ජනාධිපති කාර්යාලය මේ තොරතුරු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ විමසුමකදීය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රජයෙන් වැය කරන වියදම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍යවල විවිධ තොරතුරු පසුගිය කාලයේ දී පළවී තිබිණ.

එම ආයතනය මෙම තොරතුරු දැන ගැනීමේ අයැදුම්පත ජනාධිපති ලේකම් කාර්යාලයේ  තොරතුරු නිලධාරියාට යොමු කර ඇත්තේ ඒ අනුවය. එම තොරතුරු දැන ගැනීමේ අයැදුම්පතට ජනාධිපති කාර්යාලයේ තොරතුරු නිලධාරී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එස්.කේ. හේනාධීර මහතාගේ අත්සනින් යුතුව පිළිතුර ලබාදී තිබුණේ මෙම මස 11 වැනිදාය. ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෙසැම්බර් මාසයට අදාළ වියදම් සඳහන් කරන තොරතුරු නිලධාරියා විශ්‍රාම වැටුප, ඉන්ධන දීමනාව සහ ලේකම් දීමනාව සඳහා රුපියල් 9,91,000 ක්ද දුරකතන,
විදුලිය ජලය සහ අනෙකුත් වියදම් සඳහා රුපියල් 3,38,387.60 ක්ද වැය වන බව දැනුම් දී ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට පරිහරණය කරන වාහනවල තොරතුරුද දෙන ලෙස එම ආයතනයේ FactSeeker කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කර ඇත්තේ එම තොරතුරු අදාළ අංශයෙන් ඉල්ලා තිබෙන හෙයින් ඒවා ලැබුණු වහාම ලබා දෙන බවයි. විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ අනෙකුත් පුනරාවර්තන වියදම් ඇතුළත් වන වියදම් වාර්තාවේ මෙම වියදම් එකම වැය විෂයක් යටතේ සටහන් වන බැවින් විශ්‍රාම වැටුප, ඉන්ධන දීමනාව, දුරකතන, විදුලිය, ජලය සහ වෙනත් දීමනා වෙන් වෙන් වශයෙන් දිය නොහැකි බව තොරතුරු නිලධාරියාගේ එම ලිපියේ සඳහන්  කර ඇත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top